අපි ඒක හදමු
පියවර 1
භාජනයකට එළඟි තෙල් දමා රත් කර සියලුම නට් වර්ග එයට දමා බැද ගෙන පසෙකින් තබන්න. පසුව වර්මිසෙලි ද බැද පසෙකින් තබන්න.
පියවර 2
තවත් භාජනයකට MILKMAID සහ වතුර මිලි ලීටර් 300ක් දමා හොඳින් මිශ්‍ර කරන්න. සීනි එක් කර හැඳිගාන්න.
පියවර 3
බැදගත් වර්මිසෙලි එයට එක් කර විනාඩි කිහිපයක් පිස ගන්න.
පියවර 4
ආමන්ඩ් එසන්ස් බින්දුවක් සහ බැදගත් නට් වර්ග එක් කරන්න.
පියවර 5
කෝප්ප වලට දමා, උඩින් තවත් නට් ස්වල්පයක් දමා උණුසුම්ව පිළිගන්වන්න.