Buy Now

නිතර අසන ප්‍රශ්න

  • ප්‍ර: මම පාවිච්චි කරන්නේ (ග‍්‍රෑම් 510) ලොකු MILKMAID ටින් එකක්. වට්ටෝරුවේ තියෙන ද්‍රව්‍ය ඒකට සුදුසු විදියට ගළපාගන්නේ කොහොම ද?

    පි: ප්‍රමාණයන් 1/3කින් වැඩි කරන්න. කුඩා MILKMAID ටින් එකකට රස කළ උකු කිරි ග‍්‍රෑම් 390ක් අල්ලනවා.

  • ප්‍ර: වට්ටෝරුවේ තියෙන බටර් වෙනුවට තෙල් යොදන්න පුළුවන් ද? කොපමණ යෙදිය යුතු ද?

    පි: එක් එක් මේද වර්ගවල තියෙන්නේ එක් එක් ගුණ නිසා වට්ටෝරුවේ තියෙන මේ වර්ගය යොදා ගන්න එක තමයි වඩාත් හොඳ. විශේෂයෙන් ම බටර්වල හොඳ රසයක් තියෙනවා. බටර් වෙනුවට දියර තෙල් වර්ග යොදා ගත්තොත් බේක් කර ගන්න ද්‍රව්‍යයේ අවසාන පදමටත් ඒකෙන් බලපෑමක් ඇති වෙන්න පුළුවන්.

  • ප්‍ර: කේක් එක බේක් කළාට පස්සේ ඒකේ මැද කුහරයක් හැදෙන්නේ ඇයි?

    පි: හේතු කිහිපයක් නිසා මේක සිද්ධ වෙන්න පුළුවන්. පළමුවෙන් කළ යුතු දේ තමයි ඔබගේ උදුනේ උෂ්ණත්වය පරීක්ෂා කරලා බලන එක. උෂ් ණත්වය වැරදි නම් කේක් එක ඕනෑවට වඩා පිපිලා ආපහු ගිලා බහින්න ඉඩ තියෙනවා. දෙවනුව කළ යුතු දේ තමයි කේක් එක තැම්බෙන කොට කූරකින් හෝ තුනී පිහියකින් කේක් එක මැදට ඇනලා බලන එක. කූර හෝ පිහිය එළියට ගත්තා ම ඒකේ මොකුත් ගෑවිලා නැත් නම් ප්‍රශ්නයක් නැහැ. කේක් එකේ මැද බාගෙට තැම්බුණොත් එතැන ගිලා බහිනවා.

  • ප්‍ර: වට්ටෝරුවේ තියෙනවා බටර් මිලක් යොදා ගන්න කියලා. කඩෙන් ගන්න යන්නේ නැතුව ගෙදර දී හදා ගන්න බැරි ද?

    පි: පුළුවන්! දියර මනින කෝප්පයකට විනාකිරි හෝ දෙහි යුෂ මේස හැඳි 1ක් වක් කරන්න. ‘කෝප්ප 1’ යනුවෙන් සඳහන් රේඛාව ළඟට එන තුරු කිරි පුරවන්න. විනාඩි 5ක් තියෙන්න හැරලා වට්ටෝරුවේ සඳහන් කරලා තියෙන ප්‍රමාණය යොදා ගන්න.

  • ප්‍ර: වට්ටෝරුවේ සඳහන් ප්‍රමාණයන් දෙගුණ කර ගන්නේ කොහොම ද? සාදා ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍ය වගේ ම තම්බන/බේක් කරන කාලයත් වැඩි කළ යුතු ද?

    පි: කේක් වර්ග, මෆින් වර්ග, කුකී වර්ග සහ බේක් කරන වෙනත් කෑම වර්ගවල වට්ටෝරු දෙගුණ හෝ තෙුගණ කර ගන්නා විට ඔබ ගණිතමය වශයෙන් ඉතා නිවැරදිව ඒවා දෙගුණ (හෝ තෙගුණ) කර ගත යුතු යි. ඒත් බේක් කරන කාලය ඒ විදියට වැඩි නොකළ යුතු යි. වට්ටෝරුවේ සඳහන් කාලය සම්පූර්ණ වෙන තුරු බේක් වුණාට පස්සේ පරීක්ෂා කරලා බලන්න. හරි ගිහින් නැත් නම් විනාඩි 5න් 5ට කාලය වැඩි කරමින් නිසි ලෙස බේක් වී ඇත් දැයි නැවත නැවතත් පරීක්ෂා කර බලන්න.

  • ප්‍ර: පායි ටින් එකකින් රැලි දැමීම සඳහා යොදා ගත හැකි හොඳ ම ක‍්‍රමය මොකක් ද?

    පි: රෝල් කර ගත් පේස්ට්‍රිය රෝලින් පින් එකෙන් ඉහළට ඔසවන්න. අවශ්‍ය නම් පේස්ට්‍රිය බුරුලට ඒක වටේ ඔතා ගන්න. ඊට පස්සේ ඒක පයි බඳුනේ මැදට ඉහළින් තබා ගෙන බඳුනට වැටෙන විදියට දිග හැරෙන්න හරින්න. ඇඟිලි අගින් මෘදු විදියට ඒක බඳුනේ මුළුවලට තද කරන්න. පේස්ට්‍රිය ඇදෙන්න දෙන්න එපා. තියුණු පිහියක් යොදා ගෙන වැඩි හරිය කපාහරින්න.

  • ප්‍ර: වීදුරු තැටියක බේක් කිරීම සහ ලෝහ තැටියක බේක් කිරීම අතරේ වෙනසක් තිබෙනවා ද?

    පි: වීදුරු තැටියක බේක් කරන්න ලෝහ තැටියක බේක් කරනවාට වඩා වැඩි කාලයක් ගත වෙනවා. වීදුරු තැටිය තාපය එක සමානව ව්‍යාප්ත කරන නමුත් ලෝහ තැටිය වඩාත් හොඳින් තාපය සන්නයනය කරනවා. ඒ නිසා තැටිය සහ එහි ඇතුළත් දේ වඩාත් හොඳින් උණුසුම් වෙනවා. වට්ටෝරුවක ”බේක් තැටිය” කියන නම අඩංගු වුණොත් සාමාන්‍යයෙන් ඒකෙන් අදහස් වෙන්නේ ලෝහ තැටියක්. ”බේක් බඳුන” කියන නම අඩංගු වුණොත් සාමාන්‍යයෙන් ඒකෙන් අදහස් වෙන්නේ වීදුරු බඳුනක්.

  • ප්‍ර: පිටි මෝලිය පිපෙන්න සලස්වා ගන්නේ කොහොම ද?

    පි: පිටිවලට එකතු කළ යීස්ට් ප‍්‍රමාණයේ ප‍්‍රතිඵල ලැබෙන්නේ පිටි මෝලිය පිපෙන්න අවශ්‍ය කරන කාලය සම්පූර්ණ වුණාට පස්සේ. යොදා ගත්තේ යීස්ට් සුළු ප්‍රමාණයක් නම් පිපෙන්න වැඩි කාලයක් ගත වෙනවා. පිටි මෝලිය විශාල බඳුනක දාලා ඒක තෙත රෙදි කඩකින් වහන්න. පිටිමෝලිය විශාලත්වය දෙගුණයක් වෙන තුරු බඳුන උණුසුම් ස්ථානයක තබන්න.

Sign up Now

ශ්‍රී ලංකාවේ සුවිශේෂීම අතුරුපස සාදන්නගේ එකමුතුවට ඔබත් අදම එකතු වෙලා අපිත් එක්ක යන මේ රසවත් ගමනේ කොටස්කාරයෙක් වෙලා වටිනා තෑගි දිනාගන්න අවස්ථාවක් ලබාගන්න.