Buy Now

ට්රයිෆල් පුඩිං

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2 ක්
  • ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1 ක්
  • පලතුරු කෝප්ප 3 ක් (කපා ගත්)
  • නැවුම් ක්‍රීම් කෝප්ප 1ක් (ගසාගත්)
  • කේක්‌
  • බිත්තර 2 ක් (වෙන්කරගත් )
  • සීනි 60g
  • පිටි 60g
  • බේකින් පවුඩර් මේස හැඳි 1/2 ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 399.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 58.1 g
  • ප්‍රෝටීන් : 9.6 g
  • මේදය : 16.8 g

අපි ඒක හදමු

පියවර 1
භාජනයක් ගෙන එයට බිත්තර සුදු මද දමා හොඳින් ගසාගන්න. ඉන්පසු ක්‍රමයෙන් සීනි එයට එකතු කර නැවත උකුවනතුරු ගසාගන්න.
පියවර 2
දැන් බිත්තර කහමදය එක එක එකතු කරමින් දිගටම ගසාගන්න. එයට හලාගත් පිටි සහ බේකින් පවුඩර් ටිකෙන් ටික එකතු කරමින් නොනවත්වා ගසාගන්න.
පියවර 3
අඟල් 7ක් වන කේක් තැටියකට මිශ්‍රණය දමා 180°C උෂ්ණත්වයේ මිනිත්තු 20 ක් බේක් කරගන්න.
පියවර 4
ඇසුරුමේ ඇති උපදෙස් අනුව ජෙලි සකස් කර ඝන වන්නට තබන්න.
පියවර 5
ස්පොන්ජ් කේක් එක කුඩා කැබලි වලට කපා, පිළිගන්වන වීදුරු බඳුනක පතුලේ අසුරන්න.
පියවර 6
MILKMAID සහ ගසාගත් නැවුම් ක්‍රීම් ස්පොන්ජ් කේක් එක මතට වත්කරන්න. ඉන්පසු කේක් එක මත කැබලි කරගත් පලතුරු අතුරන්න.
පියවර 7
ඝන වූ ජෙලි, හතරැස් කැබලිවලට කපා, පලතුරු දැමූ කේක් එක මතට විසිරුවන්න. උඩින්ම විප්ඩ් ක්‍රීම් (අවශ්‍ය නම්) දමා සිසිල් කර පිළිගන්වන්න.

පෝෂණ කරුණු

අඹ හා පැපොල් වැනි පලතුරු යනු විටමින් C සපිරි, කෙඳි බහුල ආහාර වේ.

Iffath

Delicious.. my favourite pudding ?

Piumi

Delicious ❤️❤️

Charith

Yummy

Dasuli

Best even Nestlé Milkmaid

Iru

Best

Iresha

Wow

Shashra

Best

නිර්දේශිත වට්ටෝරු