Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චොකලට් ලාවා කේක්

Rating
timer icon

9 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

10 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g
  • හොඳින් පොඩිකරගත් ඩාක් චොක්ලට් 110g
  • බිත්තර 2Nos
  • කහමද 2Nos
  • පිටි 42g

අපි ඒක හදමු

පියවර 1
ඩාක් චොක්ලට් තැටියකට දමා හොඳින් උණු කරගන්න
පියවර 2
වෙනත් ලොකු බඳුනක් ගෙන ඉලෙක්ට්‍රික් හෑන්ඩ් මික්සරය ආධාරයෙන් බිත්තර කහමද ලා පැහැයකට හැරෙන තුරු මිනිත්තු 2ක් පමණ බීට් කරගන්න
පියවර 3
බිත්තර කහමද මිශ්‍රණයට මිල්ක්මේඩ් එකතු කර හොඳින් බීට් කරන්න. ඉන්පසු උණු කරගත් චොක්ලට් ද ඊටම එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
හලාගත් පිටි චොක්ලට් මිශ්‍රණයට එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර (Fold) කරන්න
පියවර 5
සූදානම් කරගත් කප්වලට බැටර් මිශ්‍රණය දමාගන්න
පියවර 6
180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 10-12ක් පමණ අවන් එකේ බේක් කරගන්න. මෙහිදී දාර හොඳින් සවි විය යුතු නමුත් මැද කොටස මෘදුව තිබිය යුතුය

Asuni

Tastiest lava cake ever made

Prasad

Heavenly..!

නිර්දේශිත වට්ටෝරු