Buy Now

හකුරු කේක්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 3/4ක්
  • MAGGI පිටිකළ පොල් කිරි මේස හැඳි 1ක්
  • තරමක් බැදගත් රුලං 250g
  • ගාගත් හකුරු 250g
  • සීනි 80g
  • මාගරින් 100g
  • සුල්තානා 60g
  • කජු 80g
  • බිත්තර 3ක්
  • ගාගත් සාදික්කා තේ හැඳි 2ක්
  • මිශ්‍ර කුළුබඩු තේ හැඳි 2ක්
  • තලාගත් කරදමුංගු 2-3ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 387 kcal
  • කාබොහයිඩ්‍රේට් : 59 g
  • ප්‍රෝටීන් : 6.8 g
  • මේදය : 14.1 g

අපි ඒක හදමු

පියවර 1
රුලං, සීනි හා හකුරු බඳුනකට දමා මිශ්‍ර කරගන්න. බිත්තර සුදු මද හා කහ මද වෙන්කර ගන්න. කහ මද ගසාගෙන මිශ්‍රණයට එකතු කරන්න. එයට MAGGI පොල් කිරි, MILKMAID, මිශ්‍ර කුළුබඩු, සුල්තානා හා කජු එකතු කර මිශ්‍ර කරන්න. අනතුරුව බිත්තර සුදු මද ගසාගෙන මිශ්‍රණයට දමා ගන්න.
පියවර 2
තෙල් කොළ 2-3ක් දැමූ ට්‍රේ එකකට මිශ්‍රණය වත්කර ගන්න. එහි මතුපිට දුඹුරු පැහැ වනතෙක් මිනිත්තු 25ක් පමණ 180℃ උෂ්ණත්වයේ බේක් කරගන්න. අනතුරුව කේක් එක කරවීම වැළක්වීමට, බටර් ගාගත් තෙල් කොළ ඒ මතට දමා වසාගන්න.
පියවර 3
බේක්වූ පසු තවදුරටත් මිනිත්තු 15ක් පමණ උදුනේ නිවෙන්නට හැර ඉවතට ගෙන අවශ්‍ය ලෙස කපාගන්න.

පෝෂණ කරුණු

ස්වාභාවික රසකාරකයක් වන හකුරු වැඩි වේලාවක් ශක්තිය ලබා දෙයි. ශරීරයට එක් වන කැලරි ප‍්‍රමාණය පාලනය කිරීමට අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

As it was my first try I follow the recipe...but I felt too much spices (nutmeg) otherwise would have been one of my favorites

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Really delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Susil

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommend ❤️

Nethara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet recipe

Shalani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I had not made it before..When I saw this, I thought of making it.. It is very tasty

Jeevanee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great taste

නිර්දේශිත වට්ටෝරු