Buy Now

අන්නාසි චීස්කේක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් ½ක්
  • මාරි බිස්කට් 15ක්(100g)
  • බටර් 100g (උණු කරගත්)
  • ජෙලටීන් මේස හැඳි 2ක්
  • අන්නාසි යුෂ කෝප්ප ¼ක්
  • කපාගත් අන්නාසි කෝප්ප 1ක්
  • නැවුම් කී‍්‍රම් කෝප්ප 1ක් (150ml)
  • මුදවපු කිරි 200g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 306.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 29.8 g
  • ප්‍රෝටීන් : 4.0 g
  • මේදය : 19.4 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට දමා බිස්කට් හොඳින් කඩාගන්න. අනතුරුව එයට උණුකළ බටර් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය නොගැඹුරු වීදුරු තසිමකට දමා තද කරන්න. අනතුරුව මිනිත්තු 15ක් පමණ ශීතකරණයේ තබාගන්න.
පියවර 2
පිරිසිදු කපු රෙද්දකට මුදවපු කිරි දමාගෙන මිනිත්තු 10ක් පමණ වතුර ඉවත් වනතුරු පැත්තකින් එල්ලා තබන්න.
පියවර 3
වෙනම බඳුනකට අන්නාසි යුෂ මතට ජෙලටින් එක්කර ගන්න. අනතුරුව එම බඳුන වතුර සහිත සාස්පානක් උඩ තබා එය ලිපේ තබා ජෙලටින් දියවන තුරු හැඳිගාන්න.
පියවර 4
සකස් කරගත් මුදවපු කිරි සහ MILKMAID හොඳින් ගසාගන්න. එයට කපාගත් අන්නාසි එකතුකර අනතුරුව ජෙලටින් මිශ්‍රකර අන්නාසි යුෂ ද එකතු කරන්න.
පියවර 5
නැවුම් ක්‍රීම් එක හොඳින් ගසාගන්න. අනතුරුව එය මුදවපු කිරි මිශ්‍රණයට එකතු කරන්න. සිසිල් කරගත් බිස්කට් ලේයරයට මිශ්‍රණය වත්කරගෙන පැයක් 2ක් පමණ හෝ සවි වනතුරු ශීතකරන්න.

පෝෂණ කරුණු

අන්නාසි විටමින් C සහ විටමින් B කම්ප්ලෙක්ස් හා පොටෑසියම් වැනි වෙනත් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ වර්ග සපිරි විශිෂ්ට ආහාරයකි.

Omalka

Melting in mouth...soft...delicious...Great ?

Nethmi

Delicious and easy to make

Alessandra

Delicious and easy to make.

Alessandra

I use the same recipe to make passion fruit cheese cake….really awesome

Omalka

Super soft. Melting in mouth

Rifna

Highly Recommended

Rifna

Highly recommend

Rifna

Just one word: YUM! 😋❤️

Piumi

Good ❤️

Waruni

Yummy

Deepa

රස කැමක් ගෙදර හැමෝම කිව්වා

Deepa

Yummy yummy

Jasintha

Best combination ever...💙

Jasintha

Yummy

Waruni

Yummy

නිර්දේශිත වට්ටෝරු