Buy Now

රිච් කොකනට් පෘට් කේක්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පොල් 2
  • කිතුල් පැණි කෝප්ප 1 1/2ක්
  • මාගරින් 125g
  • පිටි 250g
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්
  • රුලන් පිටි 200g
  • කජු 150g
  • චෙරි 150g
  • රේසින් 150g
  • රටඉඳි 200g
  • උළුහාල් හා සාදික්කා කුඩු
  • දෙහි පෙති (සිහින්ව කපා ගත්)
  • වැනිලා එසන්ස්
  • ලුණු
  • බිත්තර 2

අපි ඒක හදමු

පියවර 1
ගා ගත් පොල් කිතුල් පැණි සමඟමිශ‍්‍ර කොට රත් කර පැණිපොල් සාදා ගන්න.
පියවර 2
ගින්නෙන් ඉවත් කර වැනිලා තේ හැඳි 2ක් හා ලුණු ස්වල්පයක් මිශ‍්‍ර කර පැණිපොල් නිවෙන්නට හරින්න.
පියවර 3
බේකින් පවුඩර් හා පිටි හලා ගන්න.
පියවර 4
මඳ ගින්නේ තබා රුලන් පිටි බැද ගන්න.
පියවර 5
චෙරි, කජු හා රටඉඳි තුනී පෙතිවලට කපා ගන්න.
පියවර 6
ඉහත සඳහන් ද්‍රව්‍ය පිටි හා පැණිපොල් මිශ‍්‍රණය සමඟ ටිකෙන් ටික මුසු කරන්න. ඉන් පසු මාගරින් හා කැබලිවලට කපා ගත් පලතුරු එක් කරන්න.
පියවර 7
බැද ගත් රුලන් පිටි, බීට් කළ බිත්තර MILKMAID හා දෙහි පෙති මිශ‍්‍රණයට එක් කරන්න.
පියවර 8
කේක් තැටියේ බේකින්/තෙල් කොළයක් එළා කොළයේ තෙල් ආලේප කරන්න. මිශ‍්‍රණය බේකින් තැටියට වක්කර පැයක් හෝ ඝන වන තෙක් 15°C ක්‍ උෂ්ණත්වය යටතේ බේක් කරන්න.

Prasad

one of the top favorites specially in Aurudu season...

Nethmi

Family favourite

Shashikani

ඉතා රසවත්

Rifna

Delicious 😋

Rifna

Highly Recommended

Shafnas

Wow soo good very soft ❤😋

Afaaz

Soo yammy

Yvonne

So yummy

Waruni

Wow

Afaaz

❤️

Afaaz

Delicious

Afaaz

Delicious

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Amila

Yummy yummy

Sujee

amazing

නිර්දේශිත වට්ටෝරු