Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් අලූවා

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

15 Minutes

සැකසීමට ගතවන කාලය

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් ග්‍රෑම් 250
  • සීනි ග්‍රෑම් 500
  • බැදගත් හාල් පිටි ග්‍රෑම් 750
  • කුඩුකරගත් කරදමුංගු ග්‍රෑම් 2
  • වතුර මිලි ලීටර් 150
  • ලූණු ස්වල්පයක්

අපි ඒක හදමු

පියවර 1
සෝස් පෑන් එකක් ගෙන ඊට මිල්ක්මේඩ්, සීනි, ලූණු, වතුර සහ කරදමුංගු එක් කර මද ගින්නේ තබා මිශ්‍ර කර ගන්න. එය හොදින් පැසී ඝන වන තුරු කලවම් කරන්න.
පියවර 2
ගින්නෙන් ඉවත් කොට මිශ්‍රනය තවත් විනාඩියක් පමණ කලවම් කරන්න.
පියවර 3
ඊට බැදගත් පිටි ටිකෙන් ටික එකතු කර තලපයක් මෙන් සකසා ගන්න. එකවර බැදගත් පිටි එකතු කිරීමෙන් වළකින්න.
පියවර 4
තුනී බෝඩ් එකක් මත හාල් පිටි ස්වල්පයක් ඉස ඒ මත මිශ්‍රණය සමාන ලෙස තුනී කරන්න. මිනිත්තු 30කින් පමණ කැබලි වලට කපා ගන්න
පියවර 5
කැබලි හොදින් සකස්වනතුරු ඇතුරුමෙන් ඉවත් කිරීමෙන් වළකින්න. එය ඇතුරුමෙන් ඉවත් කළ පසු පැය කිහිපයක් වියලෙන්නට හරින්න