අපි ඒක හදමු
පියවර 1
MILKMAID, සීනි, ලුණු, වතුර හා කරදමුංගු සාස්පානකට දමා මිශ‍්‍ර කරන්න. මඳ ගින්නේ පිස ගන්න. නටන තෙක් හැඳි ගාන්න.
පියවර 2
ලිපෙන් බා ගෙන මිනිත්තුවක් පමණ දිගට ම හැඳි ගාන්න.
පියවර 3
නිවැරදි පදම ඇති වන තෙක් බැද ගත් හාල් පිටි ටිකෙන් ටික එක් කරන්න. හාල් පිටි ප‍්‍රමාණය එක වර එක් නොකරන්න. ඉන් පසුව කජු එක් කරන්න.
පියවර 4
හාල් පිටි ඉස ගත් ලෑල්ලක් මතට වක්කර සමතලා කර කැබලි කපා ගන්න.
පියවර 5
හොඳින් මිදෙන තෙක් තැටියෙන් ඉවත් නොකරන්න. තැටියෙන් ඉවත් කළ පසු පැය කිහිපයක් වියැළෙන්නට හරින්න.
පෝෂණ කරුණු
හාල් පිටි මඳ ගින්නේ බැද ගන්න. නිවසේ දී ම සාදා ගත් හාල් පිටි යොදා ගැනීම වඩාත් සුදුසු ය.