අපි ඒක හදමු
පියවර 1
රතු පාට ජෙලි සහ කොළ පාට ජෙලි වෙන වෙන ම භාජන දෙකකට දමන්න. භාජන දෙක සම්පූර්ණයෙන් ම මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 2
ජෙලි මිදුණු පසු රතු හා කොළ ජෙලි කොටු හැඩයේ විශාල කුට්ටිවලට කපන්න. පසෙක තබන්න.
පියවර 3
විශාල භාජනයකට සීතල වතුර කෝප්ප 1/2 දමා ජෙලටින් මිනිත්තු 5ක් පෙඟෙන්නට හරින්න. එයට උණු වතුර කෝප්ප 1 1/2 එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න.MILKMAID එක් කර හොඳින් කලවම් වන තෙක් මිශ‍්‍ර කරන්න. මඳක් සිසිල් වන්නට හරින්න.
පියවර 4
අඟල් 7×4 දීසියක ප්ලාස්ටික් දවටනයක් එළන්න. ජෙලි කුට්ටිවලින් භාගයක් ඒ තුළට දමන්න. ජෙලි කුට්ටි වැසී යන තෙක් MILKMAID මිශ‍්‍රණය ඒ මතට වක්කරන්න. MILKMAID මඳක් මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 5
ඉතිරි ජෙලි කුට්ටි ඒ මතුපිටට දමා මතුපිට ජෙලි කුට්ටි මඳක් ඇලෙන තෙක් ඒවා වැසී යන පරිදි MILKMAID මිශ‍්‍රණය වක්කරන්න.
පියවර 6
සම්පූර්ණයෙන් මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.