Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අලුවා

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 250g
  • සීනි 500g
  • වතුර 150ml
  • බැද ගත් සුදු හාල් පිටි (මතුපිටට ඉසීම සඳහා අමතර ප‍්‍රමාණයක් ද සහිතව) 750g
  • කජු (කැබලි කර ගත්) 100g
  • අඹරා ගත් කරදමුංගු 2g
  • ලුණු ස්වල්පයක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, සීනි, ලුණු, වතුර හා කරදමුංගු සාස්පානකට දමා මිශ‍්‍ර කරන්න. මඳ ගින්නේ පිස ගන්න. නටන තෙක් හැඳි ගාන්න.
පියවර 2
ලිපෙන් බා ගෙන මිනිත්තුවක් පමණ දිගට ම හැඳි ගාන්න.
පියවර 3
නිවැරදි පදම ඇති වන තෙක් බැද ගත් හාල් පිටි ටිකෙන් ටික එක් කරන්න. හාල් පිටි ප‍්‍රමාණය එක වර එක් නොකරන්න. ඉන් පසුව කජු එක් කරන්න.
පියවර 4
හාල් පිටි ඉස ගත් ලෑල්ලක් මතට වක්කර සමතලා කර කැබලි කපා ගන්න.
පියවර 5
හොඳින් මිදෙන තෙක් තැටියෙන් ඉවත් නොකරන්න. තැටියෙන් ඉවත් කළ පසු පැය කිහිපයක් වියැළෙන්නට හරින්න.

පෝෂණ කරුණු

හාල් පිටි මඳ ගින්නේ බැද ගන්න. නිවසේ දී ම සාදා ගත් හාල් පිටි යොදා ගැනීම වඩාත් සුදුසු ය.

Amanga

Excellent

Nimesha

yummy. love it

Prasad

All time favorite...

නිර්දේශිත වට්ටෝරු