අපි ඒක හදමු
පියවර 1
බ්ලෙන්ඩර් එකට MILKMAID, වතුර, බිත්තර, ලුණු, කලරින් සහ දියකරගත් බටර් දමා හොඳින් බ්ලෙන්ඩ් කර උකු මිශ්‍රණයක් සාදා ගන්න. එය විනාඩි 20ක් පසෙකින් තබන්න.
පියවර 2
සිදුරු දෙකක් සහිත සෝස් බෝතලයකට මිශ්‍රණය පුරවා ගන්න.
පියවර 3
නන්ස්ටික් පෑන් එකක් ගෙන අඩු ගින්දරේ රත් කර තෙල් ස්වල්පයක් තවරා, දැලක හැඩය ලැබෙන ලෙස මිශ්‍රණය පෑන් එක මතට වත් කරන්න.
පියවර 4
එය පිසුණු පසු ඔබ කැමති පරිදි නමා හෝ රෝල් කර උඩින් MILKMAID තවරා ගන්න.