Buy Now

මිල්ක්මේඩ් ගෝස්ට් බ්‍රවුනිස්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

24

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බ්‍රවුනිස් සඳහා
  • මිල්ක්මේඩ් 340g
  • කැබලිගත් ඩාක් චොක්ලට් 500g
  • ලුණු රහිත බටර්/මාගරින් 240g
  • දුඹුරු සීනි 120g
  • බිත්තර 6
  • පිටි 240g
  • කොකෝවා පවුඩර් 40g
  • බේකින් පවුඩර් 8g
  • ලුණු ස්වල්පයක්
  • අවතාර රූප/ගෝස්ට් සැකසීම සඳහා
  • සීනි රහිත විපින් ක්‍රීම් 200g
  • ක්‍රීම් චීස් 100g
  • සරසා ගැනීමට චොක්ලට් චිප්ස්
  • ලුණු ස්වල්පයක්
  • වට්ටක්කා කැරමල් සෝස් සඳහා
  • සුදු සීනි 128g
  • මිල්ක්මේඩ් 100g
  • ලුණු රහිත බටර් 85g
  • සම්පූර්ණ යොදය සහිත කිරි 85g
  • පොඩිකරගත් වට්ටක්කා යොදය 60g
  • වැනිලා සාරය මේසහැඳි 1
  • කුරුඳු කුඩු මේසහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
ඩාක් චොක්ලට් සහ බටර් ඩබල් බොයිලර් සෝස්පෑන් එකකට දමා උණු කරගන්න
පියවර 2
බිත්තර බීට් කරගෙන දුඹුරු සීනි සහ ලුණු එකතු කරන්න. එයට මිල්ක්මේඩ් එක්කර ප්‍රවේසමෙන් මිශ්‍ර කරන්න
පියවර 3
සිසිල් කරගත් ඩාක් චොක්ලට් මිල්ක්මේඩ් මිශ්‍රණයට වත්කරගෙන, නැවතත් ප්‍රවේසමෙන් මිශ්‍ර කරන්න
පියවර 4
වෙනත් බඳුනකට පිටි ටික හලාගෙන එයට බේකිං පවුඩර් සහ කොකෝවා පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 5
වියළි මිශ්‍රණය සහ මිල්ක්මේඩ්-චොක්ලට් මිශ්‍රණය එකට එක්කර මෘදු පදමක් ලැබෙන තෙක් හොඳින් මිශ්‍ර කරන්න
පියවර 6
බ්‍රවුනි මිශ්‍රණය ඍජුකෝණාශ්‍රාකාර හැඩයේ බේකින් තැටියකට වත්කර බේකින් පේපර් එකකින් ආවරණය කරන්න
පියවර 7
තවත් ඍජුකෝණාශ්‍රාකාර හැඩයේ බේකින් තැටියක් ගෙන ඉහත පියවර නැවත කරන්න
පියවර 8
අවන් එක 180 උෂ්ණත්වයට රත්වෙන්නට තබා මිනිත්තු 25-30ක් බේක් කරන්න. ටූත්පික් එකක් ඇතුල් කර නිවැරදි පදමට සැකසී ඇද්දැයි පරික්ෂා කර බලන්න. සම්පූර්ණයෙන්ම සිසිල් කරගන්න
පියවර 9
ක්‍රීම් හොඳින් විප් කර එයට ක්‍රීම් චීස් දමා සුමට ඝන පදමක් ලැබෙන තෙක් මිශ්‍ර කරන්න. ශීතකරණයක තබන්න
පියවර 10
බේකිං පේපර් එකක ආකාරයට ඍජුකෝණාශ්‍රාකාරව කාඩ්බෝඩ් එකක් කපා ඒ මත කැමති පරිදි අවතාර හැඩ ඇඳගන්න. ඉන්පසු කටර් එකක ආධාරයෙන් එම හැඩ කපා බ්‍රවුනිස් මත තබන්න
පියවර 11
විප් ක්‍රීම් සහ ක්‍රීම් චීස් අවතාර හැඩ මත ඒකාකාරව තබා ඉන්පසු ප්‍රවේසමෙන් එම කාඩ්බෝඩ් කොටස් ඉවත් කරගන්න
පියවර 12
චොක්ලට් චිප්වලින් අවතාරවලට ඇස් තියන්න
පියවර 13
කැරමල් සෝස් සඳහා, විශාල ප්‍රමාණයේ පෑන් එකකට සීනි දමා මද ගින්නේ රත් කරමින් දිගටම විස්ක් කරන්න. සීනි හොඳින් දියවන තුරු මේ ආකාරයෙන් පිසගන්න
පියවර 14
ලිපෙන් බාගෙන බටර්, ලුණු සහ කුරුඳු එකතු කරන්න. නැවතත් මද ගින්නේ තබා කිරි, මිල්ක්මේඩ් සහ වට්ටක්කා යොදය ඊට වත්කරන්න
පියවර 15
මද ගින්නේ මිනිත්තු 1-2ක් තම්බාගෙන සිසිල් වෙන්නට තබා පිළිගන්වන්න

Subodha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The recipe was very helpful! The brownies came out tempting

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

tasty & moist ?

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

an awesome taste with milkmaid chocolate syrup?

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I kept the decoration simple but the brownie was top class

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Every brownie is delicious... I LOVED it.👍👍💯😋

Mhd

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Mhd

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Mhd

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite 🤤

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

නිර්දේශිත වට්ටෝරු