Buy Now

මික්ස්ඩ් ෆෘට් චාලට්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ඇපල් ගෙඩි 4ක්
  • MILKMAID 150g
  • බිත්තර කහ මද 4 ක්
  • සීනි 60g
  • ස්පොන්ජ් කේක්
  • බිත්තර 5 ක්
  • ක‍්‍රීම් කෝප්ප 3ක්
  • පලතුරු යුෂ 210g
  • ඉරිඟු පිටි ඩෙසර්ට් ස්පූන් 2 ක්
  • අයිසිං සීනි 120g
  • චෙරි 120g
  • රටකජු 90g
  • සුල්තානා 90g
  • ඇල්මොන්ඩ් යුෂ
  • බ‍්‍රැන්ඩි

අපි ඒක හදමු

පියවර 1
තලපයක් වන සේ ඇපල් පොඩි කර ගන්න. MILKMAID සමග මිශ‍්‍ර කර නටන තෙක් රත් කරන්න.
පියවර 2
බිත්තර කහ මද හා සීනි පෙණ නගින තෙක් හොඳින් බීට් කරන්න.
පියවර 3
නටවා ගත් කිරි මිශ‍්‍රණය ඒ තුළට වක්කර හොඳින් කලවම් කරන්න.
පියවර 4
ලී හැන්දේ ඇලෙන මට්ටමට එන තෙක් කස්ටඩ් මිශ‍්‍රණය මඳ ගින්නේ තම්බා ගෙන ගින්නෙන් ඉවත් කර පසෙක තබන්න.
ක‍්‍රීම්: බීට් කළ ක‍්‍රීම් හා අයිසිං සීනි
පියවර 1
චෙරි, රටකජු, සුල්තානා කුඩා කැබලිවලට කපා ඇල්මොන්ඩ් යුෂ හා බ‍්‍රැන්ඩි ඊට එක් කරන්න.
පියවර 2
ඉරිඟු පිටි පලතුරු යුෂවල දිය කර නටවා සිසිල් කර ඉන් පසුව එයට බීට් කළ ක‍්‍රීම් එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 3
සාදා ගත් කස්ටඩ් මිශ‍්‍රණය ඉහත මිශ‍්‍රණය සමග මුසු කරන්න.
එකට එක් කිරීම
පියවර 1
ස්පොන්ජ් කේක් එකෙන් රවුම් දෙකක් හා තීරුවක් කපා ගන්න.
පියවර 2
ස්පොන්ජ් කේක් රවුමක් පුඩිම් බඳුනක පතුලේ තබන්න.
පියවර 3
ස්පොන්ජ් කේක් එකෙන් කපා ගත් තීරුව බඳුනේ පැති වැසෙන සේ එළන්න.
පියවර 4
කස්ටඩ් මිශ‍්‍රණයෙන් භාගයක් වක්කර වියළි පලතුරු ඒ මත විසුරුවා හරින්න.
පියවර 5
කස්ටඩ් මිශ‍්‍රණයේ ඉතිරි කොටස ඒ මතුපිටට වක්කර ස්පොන්ජ් කේක් එකේ ඉතිරි කොටස ඒ මත තබා සරසා ගන්න.

Shakira

excellent ...love it???

Shafra

Delicious ?

Omalka

Sweet & Delicious

Rifna

Highly recommended

Fathima

Super

Fathima

Highly recommended

Fathima

Excellent

Fathima

Delicious

Fathima

Yummy 😋

Fathima

Yummy 🤤😋

Fathima

Amazing 😍

Harshi

Wowww

Waruni

Super

Waruni

Delicious

Chamali

Beautiful looks

නිර්දේශිත වට්ටෝරු