Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

බටර්ස්කොච් ඩිලයිට්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g
  • ජලය (මිල්ක්මේඩ් ටින් එකෙන්) 1 ½ Tin
  • බිත්තර කහමද 3 Nos
  • බිත්තර සුදුමද 3 Nos
  • වැනිලා 1 තේහැඳි
  • බැදගත් කජු මද 5g
  • ජෙලටින් 12g
  • ජෙලටින් සඳහා ජලය 50 ml
  • බටර් 30g
  • සීනි 150g

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් සහ ජලය බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න
පියවර 2
වෙනත් බඳුනකට බිත්තර කහමද ටික දමාගන්න. ඉන්පසු, එයට මිල්ක්මේඩ් සහ ජලය මිශ්‍රණය දමා රත් කරගන්නා අතරතුර මිශ්‍රණය කැටි ගැසෙන්නට නොදී දිගටම මිශ්‍ර කරන්න
පියවර 3
වෙනත් තැටියක් ගෙන රත් වෙන්නට තබා, එයට බටර් සහ සීනි එකතු කර උණු කරගන්න. කැරමල් ලෙසින් සකස් කරගෙන පසෙකින් තබා ගන්න
පියවර 4
බටර් සහ සීනි මිශ්‍රණයත් මිල්ක්මේඩ් මිශ්‍රණයත් උණු උණුවේම එකට දමා මිශ්‍ර කරන්න
පියවර 5
ජෙලටින් කෝප්ප ¼ උතුරන ජලයට දමා දිය කරගෙන එය මිල්ක්මේඩ් මිශ්‍රණයට එකතු කරන්න
පියවර 6
වෙනත් බඳුනකට බිත්තර සුදුමද දමා බීට් කරන්න
පියවර 7
හොඳින් බීට් කරගත් බිත්තර සුදුමද මිල්ක්මේඩ් මිශ්‍රණයට එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 8
මිශ්‍රණය පිරිසිදු බඳුනකට වත්කර ශීතකරණයේ තබන්න. පළතුරු සහ කජු යොදා කැමති පරිදි සරසා ගන්න

Prasad

longer process...but worth it...enjoy with your family

නිර්දේශිත වට්ටෝරු