Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චොක්ලට් සෝස් සමග චරෝ

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • චරෝ :
  • MILKMAID 60ml
  • පිටි 160g
  • වතුර 180ml
  • බටර් 100g
  • බිත්තර 3
  • ලුණු 2g
  • බැදීම සඳහා එළවළු තෙල් 400ml
  • සීනි 50g
  • කුරුඳු කුඩු මේස හැඳි 1ක්
  • චොක්ලට් සෝස් :
  • MILKMAID 100ml
  • වතුර 100ml
  • ඩාක් චොක්ලට් 40g
  • කොකෝවා පවුඩර් 30g

අපි ඒක හදමු

චරෝ :
පියවර 1
MILKMAID, වතුර හා බටර් සාස්පානකට දමා නටන තුරු රත් කරන්න. පිටි එක් කර තලපයක් වන තෙක් මිශ‍්‍ර කරන්න. මිනිත්තු 15ක් නිවෙන්නට හරින්න.
පියවර 2
මිශ‍්‍රණය බීට් කර බිත්තර එකින් එක එක් කරන්න.
පියවර 3
එළවළු තෙල් රත් කරන්න. මිශ‍්‍රණය පයිපින් බෑගයකට දමා දිග රැහැනක් සාදා ගෙන පරිස්සමින් උණු තෙල්වල ගිල්වන්න. රන්වන් පැහැයක් හා ක‍්‍රිස්පි ගතියක් ඇති වන තෙක් බදින්න.
පියවර 4
චරෝ ඉතා උණුසුම්ව තිබිය දී ම එහාට මෙහාට පෙරළමින් සීනි හා කුරුඳු දැවටෙන්නට හරින්න.
චොක්ලට් සෝස් :
පියවර 1
MILKMAID හා වතුර උණු කරන්න.
පියවර 2
ගින්නෙන් ඉවත් කර කොකෝවා පවුඩර් හා කුකින් චොක්ලට් එක් කරන්න. හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 3
නිවෙන්නට හැර සංග‍්‍රහ කරන්න.