Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

පැෂන් පෘට් ටාට්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • දෙහි යුෂ 160ml
  • පැෂන් පෘට් ගෙඩියක මදය
  • උණු වතුර 30mlක දිය කර සිසිල් කර ගත් ජෙලටින් 10g
  • විප්ඩ් ක‍්‍රීම් 250g
  • බිස්කට් 100g
  • මාගරින් කෝප්ප 1/4ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 237.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 28.3 g
  • ප්‍රෝටීන් : 3.7 g
  • මේදය : 11.8 g

අපි ඒක හදමු

පියවර 1
ටාට් එක පතුල සාදාගැනීමට කුඩුකරගත් බිස්කට් මාගරින් සමඟ මිශ‍්‍රකර බේකින් තැටියකට දමා තදකර මිනිත්තු 5ක් බේක්කර ගන්න.
පියවර 2
MILKMAID, ලෙමන් යුෂ සහ පැෂන් පෘට් මදය භාජනයකට දමා මිනිත්තු 10ක් හෝ මිශ්‍රණය උකු වන තෙක් ගසා ගන්න. එයට ජෙලටින් එක්කර අවසානයේ ගසා ගත් විප්ඩ් ක්‍රීම් මිශ්‍ර කරගන්න.
පියවර 3
බිස්කට් තදකර ගනිමිින් බේක් කරගත් පෑන් එකට සාදාගත් මිශ‍්‍රණය දමා පැය 2ක් හෝ මිදෙන තෙක් ශීතකරණයෙහි තබන්න.
පියවර 4
කැමති නම් සාදා අවසන් කළ අතුරුපස මත අමතර පැෂන් පෘට් මදයෙන් ස්වල්පයක් ඉසින්න.

පෝෂණ කරුණු

වැල් දොඩම් යනු ප‍්‍රතිඔක්සිකාරක, ඛනිජ, ආහාරමය කෙඳි සහ විටමින් ක්‍ වැනි විටමින් සපිරි පලතුරකි.