Buy Now

පලතුරු ෆ්ලෑන්

Rating
timer icon

35 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ටාට් එක සඳහා:
  • පිටි 260g
  • අයිසින් සීනී මේස හැඳි 1 1/2ක්
  • කැබලිවලට කපාගත් බටර් 185g
  • බිත්තර 1/2ක්
  • කස්ටඩ් සඳහා:
  • MILKMAID පොඩි ටින් 1ක්
  • වතුර කෝප්ප 3/4ක්
  • කෝන් පිටි මේස හැඳි 1ක්
  • බිත්තර කහ මද 1ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • විප්ඩ් කී‍්‍රම් කෝප්ප 1ක්
  • පලතුරු (කැමති පරිදි )

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 413 kcal
  • කාබොහයිඩ්‍රේට් : 32.7 g
  • ප්‍රෝටීන් : 7.3 g
  • මේදය : 28.1 g

අපි ඒක හදමු

පියවර 1
පිසීමට පෙර 180℃ උෂ්ණත්වයකට උදුන සකස් කරන්න.
පියවර 2
මිශ්‍රණය පාන් කුඩු ලෙස සමාන වනතෙක් පිටි, අයිසින් සීනී හා බටර් මිශ‍්‍ර කරගන්න. එයට බිත්තරය එකතු කරගෙන නොඇලෙන ලෙස අනාගන්න. මිශ‍්‍රණය වසා මිනිත්තු 30ක් ශීතකරණයේ තබන්න.
පියවර 3
විෂ්කම්භය අඟල් 8ක් වූ රවුම් තැටියක් ගෙන එහි බටර් තවරන්න. මිශ‍්‍රණය රෝල් කරගෙන 180℃ කට රත්කර උදුනට දමා මිනිත්තු 10-15ක් බේක් කරගන්න අනතුරුව සිසිල් වන්නට පසෙකින් තබන්න.
පියවර 4
වතුර හා MILKMAID වෙන වෙනම මිශ‍්‍ර කරගන්න. අනතුරුව ප‍්‍රමාණයෙන් විශාල බඳුනක් ගෙන කෝන් පිටි, බිත්තර කහ මද හා වැනිලා එසන්ස් ගසාගෙන පසුව සෙමෙන් එය කස්ටඩ් මිශ‍්‍රණයට එකතු කරන්න. ඉන්පසු මිශ‍්‍රණය මඳ ගින්නේ හොඳින් හැඳිගාමින් පිස ගෙන නිවෙන්නට තබන්න.
පියවර 5
මෙලෙස පිසගත් මිශ‍්‍රණයට විප්ඩ් කී‍්‍රම් එකතු කිරීමෙන් අනතුරුව ටාට් එක මතට දමන්න.
පියවර 6
එහි උඩ පලතුරු තබා සකස් කරගන්න.

පෝෂණ කරුණු

මිල්ක්මේඩ් ෆෘට් ෆ්ලෑන් ශක්තිජනක ආහාරයකි. අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best even Nestlé Milkmaid

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Milkmaid වලින් රසම රසයි

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Ranjani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

tharanga

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely yummy

නිර්දේශිත වට්ටෝරු