Buy Now

මිල්ක්මේඩ් සෝල්ටඩ් කැරමල් චොකලට් කේක්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • චොකලට් කේක් සඳහා
  • මිල්ක්මේඩ් 50g
  • පිටි 210g හෝ කෝප්ප 1 ½
  • කොකෝ පවුඩර් 40g හෝ කෝප්ප ¼
  • සීනි 230g හෝ කෝප්ප 1
  • බටර් 250g හෝ කෝප්ප 1 ¼
  • බිත්තර 4
  • බේකිං පවුඩර් මේසහැඳි 1 ½
  • ජලය 25ml හෝ මේසහැඳි 2
  • චොකලට් අයිසින් සඳහා
  • බටර් 200g හෝ කෝප්ප 1
  • අයිසින් ෂුගර් 450g හෝ කෝප්ප 3 ½
  • රස පදමට කොකෝ පවුඩර්
  • සෝල්ටඩ් කැරමල් සඳහා
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 (390g)
  • කිරි 50ml හෝ කෝප්ප ¼
  • ලුණු රස පදමට

අපි ඒක හදමු

චොක්ලට් කේක්
පියවර 1
බටර් සහ සීනි විශාල බඳුනකට දමා සැහැල්ලු, සුමට පදමකට එනතෙක් බීට් කරගන්න
පියවර 2
වරකට එක බැගින් බිත්තර එකින් එක එකතු කරමින් මිශ්‍ර කරගන්න
පියවර 3
තෙත අමුද්‍රව්‍ය එකතු කිරීමට පෙර පිටි, බේකිං පවුඩර්, බේකිං සෝඩා සහ කොකෝ පවුඩර් එකට එක්කර දෙතුන් වරක් හලාගන්න
පියවර 4
වියළි අමුද්‍රව්‍ය කොටස් දෙකකට වෙන්කර තෙත බැටර් මිශ්‍රණයට දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 5
මිල්ක්මේඩ් 50g සහ ජලය 25ml වෙනම බඳුනක මිශ්‍ර කරගෙන එය කේක් බැටර් එකට එකතු කරන්න
පියවර 6
කේක් බැටර් එක බේකිං තැටියකට (අඟල් 8-9 රවුම් හෝ 8x8 චතුරශ්‍රාකාර) වත්කර, හැන්දක් හෝ පැතලි හැන්දක ආධාරයෙන් මතුපිට සමතල ආකාරයෙන් සකසා ගන්න
පියවර 7
අවන් එක රත් වෙන්නට තබා 1700C - 1800C උෂ්ණත්වයෙන් මිනිත්තු 40-45ක් පමණ බේක් කරගන්න. පදම පරික්ෂා කිරීමට ටූත්පික් එකක් මිශ්‍රණයට ඇතුල් කර නොඇලෙන පදමට පැමිණ තිබේදැයි බලන්න
සෝල්ටඩ් කැරමල්
පියවර 1
විවෘත නොකළ මිල්ක්මේඩ් 390g ටින් එකක ලේබලය ඉවත් කරන්න
පියවර 2
අත්පිස්නාවක් පෑන් එකක අඩියට තබා ටින් එක ඒ මත තබන්න. ටින් එක වැසෙන තෙක් පෑන් එක ජලයෙන් පුරවන්න
පියවර 3
ජලය උණුකර පැය 2-3ක් මද ගින්නේ රත්කර ගන්න
පියවර 4
ප්‍රවේශමෙන් උණු ජලය ඉවත් කරගන්න. විවෘත කිරීමට පෙර පැය කිහිපයක් සිසිල් වෙන්නට හරින්න
පියවර 5
කැරමල් එක විශාල බඳුනකට දමාගෙන, කිරි 50ml එකතු කර සුමට පදමක් එනතෙක් මිශ්‍ර කරගන්න
පියවර 6
අවශ්‍ය පරිදි ලුණු ස්වල්පයක් එකතු කරන්න
චොක්ලට් අයිසින්
පියවර 1
බටර් සහ අයිසින් ෂුගර් එකට දමා සැහැල්ලු සුමට ක්‍රීම් මිශ්‍රණයක් සැකසෙන තෙක් මිශ්‍ර කරන්න
පියවර 2
මිශ්‍රණයට කොකෝ පවුඩර් එකතු කර හොඳින් මිශ්‍ර වන තෙක් බීට් කරගන්න
පියවර 3
සෝල්ටඩ් කැරමල් සෝස් ස්වල්පයක් චොක්ලට් අයිසින් මිශ්‍රණයට එකතු කර අවශ්‍ය ප්‍රමාණයට සකසා ගන්න
කේක් එක සකසා ගැනීම
පියවර 1
පිහි තලයක ආධාරයෙන් කේක් එක ලේයර් දෙකකට වෙන් කරගන්න
පියවර 2
එක් ලේයරයක් ආධාරකයක් මත තබාගන්න
පියවර 3
සීනි සිරප් එකකින් ලේයරය තෙත් කරගන්න (අවශ්‍ය නම් පමණක්)
පියවර 4
චොක්ලට් අයිසින් කේක් ලේයරය මත තවරා සිහින් සෝල්ටඩ් කැරමල් ලේයරයක් යොදන්න
පියවර 5
දෙවැනි කේක් ලේයරය ඒ මත තබා කුඩා පිහියක ආධාරයෙන් ඉතිරි චොක්ලට් අයිසින් ඒ මත තවරා ගන්න
කේක් එක උඩට සෝල්ටඩ් කැරමල් යොදා පිළිගන්වන්න

Nuha

Yummy chocolate cake made with milkmaid❤️

Roshanki

Easy to Cook.

Amanga

Excellent

Omalka

A Super magical recipe...❤️

Taniya

Excellent best product yummy

Taniya

Super

Taniya

Super yummy

Taniya

Best

Taniya

Best

Taniya

Best

Taniya

Best product

Taniya

Best product

Taniya

Best

Taniya

Best

Taniya

Best

නිර්දේශිත වට්ටෝරු