Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් ඊසි මාබල් කේක්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 275g
  • බේකින් පවුඩර් තේ හැඳි 2
  • වැනිලා 1 Tsp
  • පිටි 250g
  • සීනි 250g
  • බටර් 250g
  • බිත්තර 4
  • ආහාර වර්ණක කොළ සහ රෝස

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි එකට දමා ක්‍රීම් පදමක් ලැබෙන තෙක් හොඳින් බීට් කරන්න
පියවර 2
බිත්තර එකින් එක මිශ්‍රණයට දමමින් දිගටම බීට් කරන්න. වැනිලා එක්කර නැවතත් හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
වෙනත් බඳුනක බේකින් පවුඩර් සහ පිටි මිශ්‍ර කරගෙන බැටර් මිශ්‍රණයට හලා ගන්න
පියවර 4
ස්පැට්‍යුලා එකක ආධාරයෙන් පිටි ටික හොඳින් මිශ්‍ර කරන්න
පියවර 5
මිශ්‍රණයට මිල්ක්මේඩ් එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර කරන්න
පියවර 6
මිශ්‍රණය බඳුන් දෙකකට වෙන් කරගන්න
පියවර 7
මිශ්‍රණ දෙක වෙන වෙනම වර්ණ ගන්වා ගන්න
පියවර 8
කොළ පාට මිශ්‍රණය බේකින් තැටියේ යටටම එන සේ තබා මාරුවෙන් මාරුවට මිශ්‍රණ ලේයර් දෙක එක මත එක දමාගන්න
පියවර 9
180°C උෂ්ණත්වයෙන් මිනිත්තු 35-40ක් පමණ බේක් කරගන්න

Nethmi

Nice recipe

Hiruni

Best recipe

Asuni

Beautiful

Ruzna

Softens

නිර්දේශිත වට්ටෝරු