Buy Now

පලතුරු සහිත රම් බබා

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2 උණු වතුර 50ml සමඟ දිය කර
  • යීස්ට් 5g
  • පිටි 200g
  • ගසාගත් බිත්තර 2 ක්
  • වියළි මිදි 50g
  • බටර් 50g
  • ලුණු ස්වල්පයක්
  • රම් හෝ විස්කි හෝ බ‍්‍රැන්ඩි වීදුරුවක් පමණ
  • පලතුරු සිරප් ඔබේ කැමැත්ත පරිදි
  • කැමති පලතුරු
  • සිරප් :
  • සීනි 200g
  • ලෙමන් ගෙඩි 2 ක් (ලෙලි සහ යුෂ)
  • වතුර 500ml
  • කොත්තමල්ලි ඇට 5-6 ක්
  • කුරුඳු කුඩා පොත්තක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 158.3 kcal
  • කාබොහයිඩ්‍රේට් : 21 g
  • ප්‍රෝටීන් : 3.8 g
  • මේදය : 5.8 g

අපි ඒක හදමු

පියවර 1
උණු වතුර සමග දිය කරගත් MILKMAID වලට යීස්ට් දමා මිශ‍්‍ර කරන්න.
පියවර 2
රත්කර ගත් පිටි බඳුනකට දමා එහි මැදට යීස්ට් දමන්න. ඉන්පසු පිටි ස්වල්පයක් එයට ඉස රෙද්දකින් වසා පැසීමට පසෙකින් තබන්න.
පියවර 3
ඉතිරි කිරි මිශ‍්‍රණය, වියළි මිදි , ලුණු සහ බිත්තර දමා මිශ්‍රකර නැවත පිටි මිශ්‍රණය එකතු කර හොඳින් ඇදෙන සුළු ඩෝ එකක් සාදාගන්න. කුඩා බටර් කැබලි කීපයක් දමා ඩෝ එක පිපෙන තුරු උණුසුම් තැනකින් තබන්න.
පියවර 4
ඉන්පසු ඩෝ එක රවුම් බටර් තැවරූ තැටියක දමා රවුම් හැඩයක් එන ලෙස ටික වේලාවක් තබන්න.
පියවර 5
අනතුරුව එම ඩෝ එක 220°C උෂ්ණත්වයේ මිනිත්තු 20ක් පමණ බේක් කර ගන්න. පසුව සිසිල් වන්නට පසෙකින් තබන්න.
පියවර 6
පසුව බේක් කරගත් ඩෝ උණුසුම් සිරප් වතුරෙහි පොඟවා තබා රම් ඉස මතුපිට පලතුරුවලින් සරසා ගන්න.
සිරප් සදා ගැනීමට
සීනි 200g ක්, ලෙමන් ගෙඩි 2 ක යුෂ, වතුර 500ml ක්, කොත්තමල්ලි ඇට 5-6ක් හා කුරුඳු පොත්තක් ද දමා රත් කර හැඳිගාන්න.

පෝෂණ කරුණු

බ්ලැක් කරන්ට් නීරෝගීව සිටීමට අත්‍යවශ්‍ය වන විටමින්, ඛනිජ හා ප‍්‍රතිඔක්සිකාරක සපිරි ආහාරයකි.

Nethmi

Tasty

Rifna

Highly Recommended

Waruni

Yummy

Nadeeka priyadarshani

Amazing ..excellent

Nadeeka priyadarshani

Super

Amila

Excellent

Shakila

Yummy

Shakila

Yummy

Rifna

Just one word:YUM!😋

yeheni

Yummy 😋😋😋😋😋

Kalpana

Super

Kalpana

Yummy

Kalpana

Delicious

Nayanathara

Yammmy recipe

Nayanathara

Amazing

නිර්දේශිත වට්ටෝරු