Buy Now

ටර්කිෂ් බක්ලාවා

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

45 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

18

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ග්‍රෑම් 510 ටින් 1ක් 510g 1
  • පිස්ටාෂියෝ ග්‍රෑම් 100ක්
  • ආමන්ඩ් ග්‍රෑම් 100ක්
  • වෝල්නට්ස් ග්‍රෑම් 70ක්
  • කුරුඳු කුඩු තේ හැඳි 1ක්
  • රෝස වතුර තේ හැඳි 1/2ක්
  • වතුර මිලි ලීටර 300ක්
  • ෆිලෝ පේස්ට්‍රි ෂීට් 18ක්
  • දියකරගත් බටර් ග්‍රෑම් 150ක්

පෝෂණ තොරතුරු

  • Calories (Kcal) 302Kcal
  • Carbohydrates(g) 27.3g
  • Protein (g) 6.5g
  • Fats (g) 18g
  • Saturated Fats (g) 2.2g
  • Fiber (g) 2.1g
  • Sodium (mg) 178mg
  • Calcium (mg) 31mg
  • Pottasium (mg) 130mg
  • Iron (mg) 1.31mg

අපි ඒක හදමු

පියවර 1
සියලුම නට්ස් වර්ග කුරුඳු කුඩු සමඟ බ්ලෙන්ඩ් කර ගන්න. එයට MILKMAID ග්‍රෑම් 100ක් මිශ්‍ර කර පසෙකින් තබන්න.
පියවර 2
බේකින් ට්‍රේ එකක දියකරගත් බටර් තවරා, ෆිලෝ ෂීට් එක මත එක අතුරන්න. මීළඟට නට් මිශ්‍රණය තට්ටුවක් ලෙස අතුරා, නැවතත් ඊට උඩින් ෂීට් අතුරන්න. අවසන් ෂීට් එක ඇතුරූ පසු එය දියමන්ති හැඩයට කපා, 180°C උෂ්ණත්වය යටතේ විනාඩි 50ක් බේක් කරගෙන, පසෙකින් තබන්න.
පියවර 3
වෙනත් භාජනයකට ඉතිරි MILKMAID, වතුර සහ රෝස එසන්ස් මිශ්‍ර කර සිරප් එකක් සාදා ගන්න. මෙම සිරප් එක බේක් කරගත් බක්ලාවා එක මතට වත් කර, නට් වර්ග වලින් අලංකාර කර පිළිගන්වන්න.

නිර්දේශිත වට්ටෝරු