අපි ඒක හදමු
පියවර 1
වතුරට සව් දමා පැයක් පමණ පෙෙඟන්නට හරින්න. ඉන් පසුව ගින්නේ තබා මිශ‍්‍රණය විනිවිද පෙනෙන තෙක් සව් හා වතුර නටවන්න. ලුණු එක් කරන්න.
පියවර 2
මිනිත්තු 8-10කට පසුව ඉහත මිශ‍්‍රණයට පොල් කිරි එක් කර හොඳින් හැඳි ගාන්න.
පියවර 3
MILKMAID එක් කර හොඳින් කලවම් කරන්න, මිශ‍්‍රණයට කරදමුංගු එක් කර මිශ‍්‍රණය මඳක් ඝන වන තෙක් පිස ගන්න.
පියවර 4
ගින්නෙන් ඉවත් කර කජු හා සුල්තානා එක් කර ගන්න.
පෝෂණ කරුණු
සව් කාබොහයිඩ්‍රේට් බහුල ආහාරයකි. ශාරීරික ඉන්ධනයක් ලෙස සැලකේ.