Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ක්‍රිස්මස් පුඩිං

Rating

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

105 Minutes

සැකසීමට ගතවන කාලය

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • 1-මිශ‍්‍රණය
  • සුල්තානා 500g
  • බ්ලැක් කරන්ට්ස් 400g
  • කජු 140g
  • කැන්ඩීඩ් පීල් 140g
  • පුහුල් දෝසි 140g
  • චව් චව් 140g
  • චෙරි 140g
  • මාමලේඩ් ජෑම් 150g
  • 2-මිශ‍්‍රණය
  • ස්ට්‍රෝබෙරි ජෑම් 150g
  • ගෝල්ඩන් සිරප් 80g
  • ගා ගත් ලෙමන් ලෙලි 10g
  • 3-මිශ‍්‍රණය
  • MILKMAID 100ml
  • පිටි 250g
  • පාන් කැබලි 250g
  • කුළුබඩු 15g
  • බේකින් සෝඩා 1g
  • ලුණු තේ හැඳි 2ක්
  • බිත්තර කහ මද 10 ක්
  • 4- මිශ්‍රණය
  • MILKMAID 250ml
  • බ්‍රැන්ඩි 75 ml
  • රම් 75ml
  • දොඩම් යුෂ 75ml
  • බිත්තර සුදු මද 10ක්
  • බ්‍රැන්ඩි බටර් සෝස් : 75ml
  • MILKMAID 250ml

අපි ඒක හදමු

පියවර 1
1 වන මිශ්‍රණයෙහි සියල්ල හොඳින් මිශ්‍රකර සති 2-3ක් පමණ ශීතකරණයේ තබන්න.
පියවර 2
දෙවන මිශ්‍රණය හොඳින් කලවම් කර මිශ්‍රකරගත් තෙවන මිශ්‍රණය හා එකට එකතු කරන්න. පසුව මිශ්‍රණ සියල්ල එකට එකතු කරන්න.
පියවර 3
MILKMAID ක්‍රමයෙන් එකතු කරමින් බිත්තර කහ මදය නොකඩවා ගසාගන්න. පසුව රම්, බ්‍රැන්ඩි හා දොඩම් යුෂ දෙවන හා තෙවන මිශ්‍රණය එකතුකර සාදාගත් මිශ්‍රණයට එය එකතුකරන්න.
පියවර 4
බිත්තර සුදු මද හොඳින් ගසාගන කලින් සාදාගත් මිශ්‍රණයට නැවත එකතු කර මිශ්‍රකරන්න.
පියවර 5
මිශ්‍රණය 150°C උෂ්ණත්වයක පැය 1ක් හෝ 1 ½ක් පමණ හුමාලයෙන් බේක් කරගන්න.
පියවර 6
බ්‍රැන්ඩි බටර් සෝස් සකසා ගැනීමට බටර් හා MILKMAID හොඳින් බීට් කර අවසානයේ එයට බ්‍රැන්ඩි එකතු කරගන්න.
පියවර 7
බ්‍රැන්ඩි බටර් සෝස් සමඟ ක්‍රිස්මස් පුඩිම පිළිගන්වන්න.