Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ස්පයිස්ඩ් බනානා ෆ්‍රිටර්ස්

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

15

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2ක්
  • පොතු හැර දෙකට කපාගත් කෙසෙල් ගෙඩි 10ක්
  • පිටි 200g
  • මදක් ගසාගත් බිත්තර 1ක්
  • කිරි 80ml
  • ලුණු ස්වල්පයක්
  • කරදමුංගු පවුඩර් තේ හැඳි 1/2ක්
  • තෙල් ගැඹුරු තෙලට අවශ්‍ය පමණට
  • අයිසින් සීනි
  • ගෝල්ඩන් සිරප් / පැණි ටොපින් සඳහා

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 370 kcal
  • කාබොහයිඩ්‍රේට් : 57 g
  • ප්‍රෝටීන් : 9 g
  • මේදය : 13 g

අපි ඒක හදමු

පියවර 1
පිටි හා කරදමුංගු ප්‍රමාණයෙන් විශාල බඳුනකට එක්කර ලුණු මිශ්‍ර කරන්න.
පියවර 2
MILKMAID, බිත්තර හා කිරි එකතු කර මෘදු ලෙස ගසාගන්න.
පියවර 3
පසුව පෑන් එකකට තෙල් දමා උණු කරන්න. මිශ්‍රණයෙහි තැවරූ කෙසෙල් කැබලි එකින් එක මිනිත්තු 1-2ක් රන්වන් පැහැ වනතුරු බැදගන්න.
පියවර 4
තෙල් උරාගන්නා කොළයක් දමා ඒ උඩට අයිසින් සීනි ඉස එයට බැදගත් කෙසෙල් කැබලි දමන්න. ඉන්පසු ඒවා මතට පැණි තවරා පිළිගන්වන්න..

පෝෂණ කරුණු

කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.