අපි ඒක හදමු          
        
                  
            
              පියවර 1
            
            
              අවන් එක 180 උෂ්ණත්වයට රත්කරගන්න
            
           
                  
            
              පියවර 2
            
            
              චතුරශ්‍රාකාර බේකිං තැටි දෙකක් ගෙන බේකිං පේපර් එකක ආධාරයෙන් බටර් ආලේප කරගන්න
            
           
                  
            
              පියවර 3
            
            
              සෝස්පෑන් එකකට බටර් දමා උණු කරගන්න. එයට මිල්ක්මේඩ් සහ වැනිලා එක්කර හොඳින් මිශ්‍ර කරමින් දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 5ක් යනතුරු පිසගන්න
            
           
                  
            
              පියවර 4
            
            
              පෑන් එක ලිපෙන් බාගෙන එයට ඕට්ස්, කපාගත් අන්නාසි සහ වියළි පොල් ද ක්‍රමානුකූලව එකතු කරමින් මිශ්‍ර කරන්න. එකතු කරන්න. ඕට්ස් හොඳින් මිශ්‍ර විය යුතු අතර මිශ්‍රණය උකු නොවීමට වගබලා ගන්න
            
           
                  
            
              පියවර 5
            
            
              මිශ්‍රණය සූදානම් කරගත් බේකිං තැටියට සුමටව වත්කර ගන්න
            
           
                  
            
              පියවර 6
            
            
              අනෙක් තැටියටත් එලෙසින්ම වත්කර ගන්න
            
           
                  
            
              පියවර 7
            
            
              මිනිත්තු 20ක් බේක් කරගන්න. තැටිය අඩක් හරවන්න. මිශ්‍රණයේ දාර දුඹුරු පැහැයටත්, මැද කොටස රන්වන් පැහැයටත් හැරෙන විට ෆ්ලැප්ජැක් සූදානම් කරගන්න
            
           
                  
            
              පියවර 8
            
            
              ඉවතට ගැනීමට පෙර සිසිල් වෙන්නට තබන්න
            
           
                  
            
              පියවර 9
            
            
              දෙහි යුෂ, අයිසිං ෂුගර් සහ ජලය බෝල් එකකට දමා සුමට පදමට එන තෙක් මිශ්‍ර කරන්න
            
           
                  
            
              පියවර 10
            
            
              දෙහි ග්ලේස් එක ෆ්ලැප්ජැක් මිශ්‍රණය මතට වත්කර ගන්න