Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

කොකනට් මැකරූන්ස්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ගාගත් පොල් 420g
  • වැනිලා එසන්ස් තේ හැඳි 1 ක්
  • බිත්තර සුදුමද 2ක්
  • ලුණු තේ හැඳි 1/4 ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 104.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 11.23 g
  • ප්‍රෝටීන් : 2.46 g
  • මේදය : 5.3 g

අපි ඒක හදමු

පියවර 1
උදුන 160 උෂ්ණත්වයකට රත් කරගන්න
පියවර 2
විශාල බඳුනක පොල්, MILKMAID හා වැනිලා එසන්ස් මිශ්‍ර කරගන්න. වෙනම බඳුනකට දමා බිත්තර සුදු මද හා ලුණු ගසාගන්න. අනතුරුව සෙමින් බිත්තර සුදු මද මිශ්‍රණයට එකතු කරගන්න.
පියවර 3
බේකින් පේපර් දමා සකස් කළ ට්‍රේ එකට බැටර් එක දමාගන්න. ඒ සඳහා අයිස්ක්‍රීම් ස්කූප් හෝ තේ හැඳි 2ක් භාවිතා කරන්න.
පියවර 4
රන්වන් දුඹුරු පැහැයක් ගන්නා තෙක් මිනිත්තු 25-30ක් පමණ බේක් කරගන්න. සිසිල්කර පිළිගන්වන්න.

පෝෂණ කරුණු

පොල්වල ප‍්‍රමාණවත් මේද ප‍්‍රමාණයක් අඩංගු වන අතර ඔබගේ ශරීරය තුළ ප‍්‍රයෝජනවත් කොලෙස්ටරෝල් වර්ධනය කිරීමට උපකාර වේ.