Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

අල්ටිමේට් ෆජ්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390g
  • කිරි 150ml
  • සීනි 300g
  • අයිසිං සීනි 50g
  • බටර් 115g
  • ආමන්ඩ් පෙති

අපි ඒක හදමු

පියවර 1
20cm හතරැස් තැටියක බේකින් කොළයක් එළන්න. ආමන්ඩ් පෙති හැර අනෙක් සියලූ ද්‍රව්‍ය බර පතුලක් සහිත සාස්පානකට එක් කරන්න.
පියවර 2
සීනි දිය වන තෙක් මඳ ගින්නේ උණු කරන්න, දිගට ම හැඳි ගාන්න.
පියවර 3
හැඳි ගාන අතර නටන්නට හැර නැවතත් මිනිත්තු 10-15ක් මඳ ගින්නේ තම්බන්න. දිගට ම හැඳි ගාමින් මිශ‍්‍රණය සාස්පාන පතුලේ ඇලීම වළක්වා ගන්න.
පියවර 4
ගින්නෙන් ඉවත් කර ආමන්ඩ් පෙති එක් කරන්න. මිශ‍්‍රණය ඝන වන තෙක් තවත් මිනිත්තු 10ක් පමණ හැඳි ගාන්න.
පියවර 5
හොඳට ම ඝන වීමට කලින් තැටියට වක්කරන්න.
පියවර 6
නිවෙන්නට හරින්න. නිවුණු පසු බේකින් කොළය උපයෝගි කර ගනිමින් මිශ‍්‍රණය තැටියෙන් ඉවත් කර ඝනක හැඩයට කපා ගන්න.