Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

චෙරී ක්ලැෆුට්

Rating

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සැකසීමට ගතවන කාලය

1

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID කෝප්ප 1/4ක්
  • බටර් තේ හැඳි 1 ක් (ලුණු රහිත)
  • චෙරි 200g (කෝප්පයක් පමණ)
  • ලොකු බිත්තර 2ක්
  • කිරි කෝප්ප 1/4 ක්
  • සීනි කෝප්ප 1/4 ක්
  • පිටි කෝප්ප 1/4 ක්
  • වැනිලා බීන් 1/2

අපි ඒක හදමු

පියවර 1
350℉ ට අවන් එක රත්කර සූදානම් කරගන්න.
පියවර 2
අඟල් 7 ක ටාට් බඳුනක බටර් තවරාගෙන ඒ මතට සමාන ලෙස චෙරි අතුරන්න.
පියවර 3
බිත්තර, MILKMAID, කිරි , සීනි සහ පිටි බ්ලෙන්ඩරයට හෝ food processor එකට එකතු කරගන්න. අනතුරුව එයට වැනිලා බීන් එක රහිමින් එකතු කරගෙන.හොඳින් මෘදු වනතෙක් බ්ලෙන්ඩ් කරගන්න.
පියවර 4
මිශ‍්‍රණය සෙමෙන් චෙරි මතට වක්කරන්න
පියවර 5
බේකින් පේපර් එකක් ඒ මතට දමා රන්වන් දුඹුරු පැහැය වෙමින් පිපෙන තෙක් බේක් කරන්න. (මිනිත්තු 25-30 ක් පමණ)
පියවර 6
කුඩුකරගත් සීනි දමා, උණු උණුවෙන්ම පෙති ලෙස කපාගෙන පිළිගන්වන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.