Buy Now

මිල්ක්මේඩ් ස්ටීම්ඩ් වැනිලා කේක් සහ කප් කේක්

Rating
timer icon

0 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 160g
  • පිටි 250g
  • අයිසින් ෂුගර් 60g
  • බේකින් පවුඩර් මේසහැඳි 2
  • බේකින් සෝඩා මේසහැඳි 2
  • තෙල් (සන්ෆ්ලවර්, එළවළු හෝ පොල්තෙල්) 160
  • මද උණුසුම් කිරි 240ml
  • වැනිලා මේසහැඳි 2
  • මිල්ක්මේඩ් බටර්ක්‍රීම් ෆ්‍රොස්ටින් සඳහා
  • මෘදු කරගත් මාගරින් හෝ බටර් 250g
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 390g
  • වැනිලා සාරය මේසහැඳි 1

අපි ඒක හදමු

පියවර 1
සියලුම වියළි අමුද්‍රව්‍ය බඳුනකට දමා මිශ්‍ර කරන්න
පියවර 2
වෙනත් බඳුනකට මිල්ක්මේඩ්, තෙල්, කිරි සහ වැනිලා දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
දියර මිශ්‍රණයට පිටි ටික ක්‍රමානුකූලව එකතු කරමින් අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍රවන තෙක් මිශ්‍ර කරන්න
පියවර 4
ඇලුමිනියම් හෝ යකඩ තැටියක් ගෙන එහි බටර් තවරා කේක් මිශ්‍රණයෙන් බාගයක් එයට පුරවන්න
පියවර 5
කප් කේක් ලයිනර් කුඩා වීදුරු බඳුන්වලට දමා බැටර් මිශ්‍රණය ඒ මතට වත්කරන්න
සකසා ගන්නා ආකාරය
කේක්
පියවර 1
ප්‍රමාණයෙන් විශාල ෆ්‍රයින් පෑන් එකක් හෝ බඳුනක් ගෙන අඟලක් උසට ජලය පුරවා පියන වසන්න. අත්පිස්නාවකින් පියන ආවරණය කර ජලය උණු කරගන්න
පියවර 2
කේක් තැටිය බඳුනට මාරු කරන්න. පියන ආවරණය කර මිනිත්තු 30 – 40ක් පිසගන්න
පියවර 3
කේක් එක රන්වන් දුඹුරු පැහැයට හැරුණු පසු ටූත්පික් එකක් ඇතුල් කර නිවැරදි පදමට පැමිණ ඇත්දැයි පරික්ෂා කර බලන්න
පියවර 4
සැරසීමට පෙර සිසිල් වෙන්නට තබන්න
කප්කේක්
පියවර 1
ප්‍රමාණයෙන් විශාල ෆ්‍රයින් පෑන් එකක් හෝ බඳුනක් ගෙන අඟලක් උසට ජලය පුරවා පියන වසන්න. අත්පිස්නාවකින් පියන ආවරණය කර ජලය උණු කරගන්න
පියවර 2
කුඩා වීදුරු බඳුන් පැසෙන ජලයේ ඇති බඳුනෙන් තබා පියන වසන්න. මද උණුසුමේ මිනිත්තු 15ක් පිසගන්න
පියවර 3
කප්කේක් රන්වන් දුඹුරු වර්ණයට හැරුණු පසු ටූත්පික් එකක් ඇතුල් කර නිවැරදි පදමට පැමිණ ඇත්දැයි පරික්ෂා කර බලන්න
පියවර 4
සැරසීමට පෙර සිසිල් වෙන්නට තබන්න
ෆ්‍රොස්ටින්
පියවර 1
විශාල ප්‍රමාණයේ බඳුනකට මෘදු කළ මාගරින් හෝ බටර් දමා සැහැල්ලු මෘදු පදමක් ලැබෙන තෙක් විප් කරන්න
පියවර 2
මිල්ක්මේඩ් මෘදුව විප් කර එයට වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

Sinali

Packed with flavour

Roshanki

Delicious recipe i have tried.

Roshanki

Delicious recipe i have tried.

Roshanki

Delicious recipe i have tried.

Roshanki

Delicious recipe i have tried.

Roshanki

Delicious recipe i have tried.

Roshanki

Delicious recipe i have tried.

Roshanki

Delicious recipe i have tried.

Farzy

It's yummy

Farzy

My little princes cake

Omalka

Easy...Soft....Delicious ...❤️

Omalka

Soooooo Delicious... An Excellent Recipe ... ?❤️ Milkmaid ❤?

Tharuka

Yummy.Love the taste

Zahraa

Definitely a mouth watering cuppie

Shakuni

Cupcakes were really soft and tasty. I usually change the quantities of ingredients according to my taste. But it's really good.

නිර්දේශිත වට්ටෝරු