Buy Now

රේන්බෝ බිස්කට්ස්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

20 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 60ml
  • බටර් කෝප්ප 1ක්
  • සීනි කෝප්ප 3/4
  • අයිසින් සීනි මේස හැඳි 2ක්
  • පිටි කෝප්ප 2 1/2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්
  • ලුණු ස්වල්පයක්
  • ආහාර වරණක (දේදුන්නේ වර්ණ)
  • සැරසීමට සීනි

අපි ඒක හදමු

පියවර 1
සීනි, අයිසින් සීනි සහ ලුණු මිශ්‍ර කර බටර් සමග ක්‍රීම් වනතුරු බීට් කරගන්න.
පියවර 2
එම මිශ්‍රණයට MILKMAID සහ වැනිලා එසන්ස් එකතුකර හොඳින් බීට් කරගත පසු ටිකෙන් ටික පිටි එකතු කරමින් මිශ්‍ර කරන්න.
පියවර 3
අනාගත් පිටි මිශ්‍රණය කොටස් දෙකකට වෙන් කර, එක කොටසක් පසෙකින් තබන්න. අනෙක් කොටස් 6 කට වෙන් කර ඒ හැම කොටසක් ම දේදුනු වර්ණයෙන් වර්ණ කර ගන්න. සියලුම කොටස් ශීතකරණයේ පැයක් පමණ තබන්න.
පියවර 4
වර්ණ නොකළ පිටි මිශ්‍රණය පිටි තැවරූ බේකින් පේපර් 2ක් මැද තබා රෝලින් පින් එකක් ආධාරයෙන් සෘජුකෝනාශ්‍රයක් ලෙස රෝල් කරගන්න. වර්ණ ගැන්වූ පිටි මිශ‍්‍රණය හය සොසේජ් හැඩයකට සකසා පිටි තැවරූ බේකිං පේපරයක් මත එක ළඟ ගෑවෙන ලෙස තබා, එයට උඩින් ඍජුකෝණාෂ්‍ර හැඩයකට රෝල් කරගන්න.
පියවර 5
වර්ණ නොකල පිටි මිශ්‍රණය උඩින් තිබෙන බේකින් පේපරය ඉවත්කර සාදාගත් වර්ණවත් පිටි මිශ්‍රණය වර්ණ නොකළ ඍජුකෝණාෂ්‍ර පිටි මිශ්‍රණය මත තබන්න. ඉන්පසු කෙළවරවල් කපාගන්න. ඉන්පසු එම ඩෝව් එක ස්පයිරල් එකක් ලෙස රෝල් කරගන්න. පොලිතීන් එකකින් තදට ඔතා පැයක කාලයක් ශීතකරණයේ තබන්න.
පියවර 6
ඉන්පසු සීනි සමග මිශ්‍රණය රෝල් කරන්න.
පියවර 7
අඟල් 1/4 ඝණකමට පෙති ලෙස කපා ගෙන බේකින් පේපරය මත තබාගන්න.
පියවර 8
පෙර උණුසුම් කරගත් උඳුනක මිනිත්තු 15-20 ක් පමණ 160°C හි බේක් කරගන්න. මිනිත්තු 10 ක් පමණ බිස්කට්වල රස්නය යන තුරු බේක් කළ තැටියේ තබන්න.

Sandy

Super Yummy !

Sinali

I love the colour combination. It was so vibrant ?

Piumi

Super 👌

Shalika

Very ddelicious

Charith

My choice

Fathima

Colourful and tasty ....good for kids I'm sure they love it

Iresha

Wow

Iru

Wow

Dilan

Superb snacking

නිර්දේශිත වට්ටෝරු