Buy Now

මිල්ක්මේඩ් ඇපල් ක්‍රම්බල් ස්වීට් පීසා

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මෝලිය සඳහා
  • මිල්ක්මේඩ් 200g
  • පිටි 500g
  • මඳ උණු ජලය 200ml
  • වියළි යීස්ට් 12g
  • එළවළු තෙල් 50ml
  • ලුණු මේසහැඳි 1
  • ඇපල් ක්‍රම්බල් ටොපින් සඳහා
  • කැබලි කපාගත් රතු ඇපල් 2
  • ජලය මේසහැඳි 2
  • මිල්ක්මේඩ් 100g
  • කාස්ටර් ෂුගර් 100g
  • පිටි 150g
  • ලුණු රහිත බටර් සිසිල් කළ හා කැට 150g

අපි ඒක හදමු

මෝලිය සඳහා
පියවර 1
මඳ උණු ජලය විශාල බඳුනකට දමා එයට යීස්ට් එකතු කරන්න. ගෑරුප්පුවක ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරන්න. මිල්ක්මේඩ් සහ තෙල් ද ඊට එක්කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 2
පිටි ටික ක්‍රමානුකූලව මිශ්‍රණයට එක්කරන්න. ඉන්පසු, ලුණු ද එක්කර මිශ්‍ර කරන්න. මෝලිය හොඳින් තෙතමනය සහිතව තිබිය යුතුය
පියවර 3
බඳුන පොලිතින් හෝ තෙත රෙදිකඩකින් ආවරණය කර මිශ්‍රණය දෙගුණයක ප්‍රමාණයට විශාල වන තෙක් පැය 2ක් පමණ තබන්න
පියවර 4
පැය 2කට පසුව, බේකින් තැටියේ තෙල් තවරා තෙත මෝලිය තැටියට දමාගන්න. මිශ්‍රණය තැටිය පුරා නිසි ලෙස සමතල කරගෙන මිනිත්තු 30ක් තබන්න
පියවර 5
ඇඟිලි තුඩුවලින් මෝලිය සිදුරු කර ජලය ස්වල්පයක් ඉසින්න
පියවර 6
අවන් එක 220ක උෂ්ණත්වයට රත් වෙන්නට තබා පියකරු රන්වන් පැහැයකින් හා ක්‍රිස්පි ගතියෙන් ස්වීට් පීසා සැකසෙන තෙක් මිනිත්තු 20-25ක් බේක් කරගන්න
ඇපල් ක්‍රම්බල් ටොපින් සඳහා
පියවර 1
ඇපල් බටර් 50g සමඟ ක්‍රිස්පි ගතියට එන තෙක් මද ගින්නේ පිසගන්න. එයට මිල්ක්මේඩ් එකතු කර කැරමල් සාරයට හැරෙන තෙක් පිසගන්න. සවිවීම සඳහා සිසිල් වන්නට තබන්න
පියවර 2
අවන් එක 180 උෂ්ණත්වයට රත් කරගන්න
පියවර 3
ක්‍රම්බල් සකසා ගැනීම සඳහා විශාල ප්‍රමාණයේ බඳුනකට සීනි දමා ඉතිරි බටර් සහ පිටි එයට එකතු කර ඇඟිලි තුඩුවලින් හොඳින් මිශ්‍ර කරමින් කුඩු 50%ක් සහ කැබලි 50%ක් සේ සැකසෙන සාදාගන්න
පියවර 4
මිශ්‍රණය බේකින් තැටියකට මාරු කර සමතල වන සේ සකසා මිනිත්තු 20ක් බේක් කරගෙන සිසිල් වෙන්නට හරින්න
පියවර 5
ඇපල් මිශ්‍රණය පීසා මතුපිට ආලේප කරගන්න. ඉන්පසු, මතුපිටට ක්‍රම්බල් යහමින් ඉසින්න. මිල්ක්මේඩ් ස්වල්පයක් සහ මින්ට් කොළ යොදා සරසාගෙන පිළිගන්වන්න

Tharuka

Yummy

Tharuka

Fav? so yummy

Nethmi

Amazing recipe

Hasaranga

Superb

Harshani

Sweet pizza was a new experience . The crunchy crust on the top added more taste to this.

upali

good recipe , i like

Omalka

Love it. Superb.Delicious 💜️😊

Omalka

Love it. Superb.Delicious 💜️😊

Shafnas

Wow superb taste sooo yum🥰😍🥰❤❤❤

Waruni

Yummy 😋

Yvonne

Amazing food

Fathima

Yummy

Fathima

Super

Fathima

Delicious

Fathima

Best

නිර්දේශිත වට්ටෝරු