Buy Now

ක්‍රීම් පෆ්ස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් ½ක්
  • කිරි කෝප්ප ½ක්
  • කෝන් පිටි මේස හැඳි 1ක්
  • බිත්තර කහමද 1ක්
  • බටර් තේ හැඳි ½ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි ¼ක්
  • කජු 25g (කැබලි කරගත්)
  • වියළි මිදි 25g
  • ෂූ පේස්ටි‍්‍රය සඳහා
  • බටර් 75g
  • වතුර කෝප්ප 1 ක්
  • පිටි 125g
  • බිත්තර 4 (මෘදුව ගසාගත්)
  • වැනිලා එසන්ස් තේ හැඳි 1 ක්
  • ලුණු ස්වල්පයක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 94.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 10.2 g
  • ප්‍රෝටීන් : 2.7 g
  • මේදය : 5.0 g

අපි ඒක හදමු

පියවර 1
ෂූ පේස්ට්‍රිය සඳහා : වතුර සහ බටර් උතුරන ගින්දර අඩුකර පිටි එකතු කරන්න. මිශ්‍රණය ගුලියක් බවට පත්වන තෙක් හොඳින් ගසාගන්න. ලිපෙන් බාගන්න. මිනිත්තු 2-3 ක් නිවෙන්න හරින්න. බිත්තර, වැනිලා එසන්ස් සහ ලුණු එකතුකර නැවතත් හොඳින් ගසාගන්න. කුඩා හැන්දක ප්‍රමාණයේ පේස්ට්‍රි, බේකින් තැටියක දමා 180°C රත් වූ උදුන රන්වන් දුඹුරු පැහැය වනතුරු මිනිත්තු 30ක් බේක් කරන්න. ඉන්පසු නිවෙන්නට හරින්න.
පියවර 2
කෝන් පිටි, කිරි ස්වල්පයක දියකර පේස්ට් එකක් සාදාන්න. සාස්පානක MILKMAID සහ ඉතිරි කිරි මිශ්‍රකර උතුරවන්න. කෝන් පිටි පේස්ට් එක එකතුකර කස්ටඩ් උකුවන තෙක් මද ගින්නේ නොකඩවා හැඳිගාමින් පිසින්න. ඉතිරි ද්‍රව්‍ය එකතු කර වරින්වර හැඳිගාමින් නිවෙන්නට හරින්න.
පියවර 3
පලාගත් පෆ් මැදට නිවාගත් කස්ටඩ් පුරවන්න.

පෝෂණ කරුණු

කජු ඇට ශරීරයේ මනා ක‍්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට වැදගත් වන විටමින්, ඛනිජ හා ප‍්‍රතිඔක්සිකාරක සපිරි ආහාරයකි.

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Shakila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best product best recipe

නිර්දේශිත වට්ටෝරු