Buy Now

MILKMAID ලයිම් ටාර්ට්

Rating
timer icon

50 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ග්‍රෑම් 195
  • ලෙමන් යුෂ මේස හැඳි 1ක්
  • සිහින්ව ගා ගත් ලෙමන් ගෙඩියක ලෙලි 1
  • කස්ටඩ් පවුඩර් තේ හැඳි 4ක්
  • කිරි කෝප්ප 1ක්
  • පිටි ග්‍රෑම් 70යි
  • සීනි ග්‍රෑම් 40යි
  • ශීතකළ බටර් ග්‍රෑම් 40යි
  • බිත්තර සුදු මද 1
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 237.6 kcal
  • කාබොහයිඩ්‍රේට් : 35.7 g
  • ප්‍රෝටීන් : 5.2 g
  • මේදය : 9.0 g

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. එයට බිත්තර සුදු මදය හා වැනිලා එක් කර පිටි සවල්පය බැගින් එක් කරමින් මිශ්‍ර කරගන්න.
පියවර 2
මිශ්‍රණය කැබලි ආකාරයට පත්වන තෙක් මිශ්‍ර කරන්න.
පියවර 3
සාමාන්‍ය ශීතකරණයක අවම වශයෙන් මිනිත්තු 30ක් හෝ අධි ශීතකරණයක අවම අශයෙන් මිනිත්තු 15ක්, මිශ්‍රණය ශීත කරගන්න.
පියවර 4
සාදාගත් මිශ්‍රණය බඳුනක දමා 190°C උෂ්ණත්වය යටතේ මිනිත්තු 20ක් මද රන්වන් පැහැයක් එනතෙක් පුළුස්සා ගන්න.
පියවර 5
පිරවුම සකස්කර ගැනීමට බඳුනක් ගෙන එයට MILKMAID සහ කිරි එකතු කර, කස්ටඩ් පවුඩර් ද එක් කරන්න.
පියවර 6
එම මිශ්‍රණය නොනවත්වා උකු හා බුබුළු දමන තෙන් හැඳිගාන්න.
පියවර 7
අවසානයේදී, වර්ණක, ලෙමන් යුෂ, ගා ගත් ලෙමන් ලෙලි හා වියළි පලතුරු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 8
කළින් සාදාගත් ටාර්ට් එක පිරවුම භාවිතයෙන් පුරවාගන්න. මද වේලාවක් සවි වීමට තබා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ලෙමන් විටමින් C සපිරි ආහාරයක් මෙන් ම පොටෑසියම් හා කැල්සියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වර්ග අඩංගු ආහාරයක් ද වේ.

Rifna

Highly Recommended

Piumi

Delicious 😋

Nadeeka priyadarshani

Very tasty 👌👌 Amazing ❤️❤️❤️

Nadeeka priyadarshani

Beautiful recipe 😋😋😋😋

Charith

Best recipe

Mariam

Superb

Rifna

Just one word:YUM! ❤️😋

Charith

Yummy

Chamila

Yummy 😋😋😋

Chamila

Yummy 😋😋😋

Fathima

Superbbbb ......

Chamila

Yummy 😋😋

Chamila

Yummy 😋😋

Chamila

Yummy 😋😋

Chamila

Yummy 😋😋

නිර්දේශිත වට්ටෝරු