Buy Now

කුකීස් සහ මොන්ස්ටර් සෙමිෆ්‍රෙඩෝ

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

6 Hours

සිසිල් කිරීම

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 01ක්
  • විපින් ක්‍රීම් කෝප්ප 2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • නිල් ආහාර වර්ණක තේ හැඳි ½ක්
  • චොකලට් සැන්ඩ්විච් කුකීස් 20ක්
  • චොකලට් චිප් කුකීස් 15ක්
  • මින්ට් එසන්ස් තේ හැඳි ½ක්
  • ජෙලටින් තේ හැඳි ½ක්
  • උණු වතුර මේස හැඳි 3ක්

අපි ඒක හදමු

පියවර 1
සැන්ඩ්විච් කුකීස් 15ක් හා චොකලට් චිප් කුකීස් 10ක් ගෙන එය කැබලි කර‍ගෙන පසෙකින් තබාගන්න.
පියවර 2
විපින් ක්‍රීම් හා වැනිලා එසන්ස් මිශ්‍රකර පෙන එනතුරු හොඳින් ගසාගන්න.
පියවර 3
MILKMAID, මින්ට් එසන්ස් හා ආහාර වර්ණක එකට දමා සමාන පැහැයක් වන තුරු හොඳින් ගසාගන්න. එයට විප් ක්‍රීම් සහ වැනිලා එසන්ස් මිශ්‍රණය එකතුකර නැවත සියල්ලම සමානව මිශ්‍රවනතුරු ගසාගන්න
පියවර 4
උණුවතුර වලට ජෙලටින් දමා හොඳින් දියවනතුරු මිශ්‍රකරන්න. ජෙලටින් උණුවතුරේ හොඳින් දියවූ පසු කලින් සාදාගත් මිශ්‍රණයට එකතුකර නැවත කලවම් කරන්න.
පියවර 5
කලින් කැබලි කරගත් කුකීස් බේකින් තැටියකට අතුරාගන්න. ඉන්පසු ඉහත මිශ්‍රණය එයට දමාගන්න.
පියවර 6
ඉතිරි කුකීස් සියල්ල සැරසීම සඳහා කුඩාවට කඩාගන්න.
පියවර 7
මිශ්‍රණය ඝන වනතුරු පැය 6ක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු ශීතකරණයෙන් ඉවතට ගෙන සැරසීමට ඉවත් කරගත් බිස්කට් කැබලි අතුරා සරසාගන්න.

Omalka

Delicious...Super recipe ?

Farzy

So tasty

Rifna

Taste 💯

Piumi

Super delicious 😋 amazing recipe

Harshi

Wow

Harshi

Yummy

Rifna

Just one word: YUM!😋❤️

Fathima

Best

Rifna

Just one word: YUM! 😋❤️

Waruni

Delicious 😋

Chandhu

Yummy

Harshi

Yummy yummy

Harshi

Yummy

Harshi

Wowww

Sammani

Best

නිර්දේශිත වට්ටෝරු