Buy Now

කටායෙෆ් පෑන් කේක්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

25 Minutes

සිසිල් කිරීම

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • -පෑන් කේක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය-
  • පාන් පිටි ග්‍රෑම් 200ක්
  • රුලන් ග්‍රෑම් 100ක්
  • ලුණු රස අනුව
  • ඊස්ට් තේ හැඳි 1/2ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්
  • Milkmaid ග්‍රෑම් 100ක්
  • වතුර මිලි ලීටර් 200ක්
  • -ෆීලින් ක්‍රීම් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය-
  • විපින් ක්‍රීම් මිලි ලීටර් 200ක්
  • Milkmaid ග්‍රෑම් 300ක්
  • Mix nuts පව්ඩර් ග්‍රෑම් 50ක්
  • -සීනි සිරප් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය-
  • සීනි කෝප්ප 1ක්
  • දොඩම් පෙත්තක්
  • වතුර මිලි ලීටර් 100ක්

පෝෂණ තොරතුරු

  • Carbohydrates (g) 62.04g
  • Protein (g) 7.38g
  • Fats (g) 12.38g
  • Saturated Fats (g) 5.39g
  • Fiber (g) 1.59
  • Sodium (mg) 110.12mg
  • Calcium (mg) 25.85mg
  • Pottasium (mg) 110.82mg
  • Iron (mg) 0.65mg

අපි ඒක හදමු

-පෑන් කේක් සාදන පියවර-
පියවර 1
බඳුනක් ගෙන සියලුම වියළි ද්‍රව්‍ය එයට දම Milkmaid සහ වතුර එක් කර හොඳින් මිශ්‍ර කර විනාඩි 30ක් තබන්න.
පියවර 2
මිශ්‍රණය සූදානම් වූ පසු නන් ස්ටික් පෑන් එකක් ගෙන කුඩා පෑන් කේක් සාදා පසෙකින් තබන්න.
-ෆීලින් ක්‍රීම් සාදන පියවර-
පියවර 1
බඳුනක් ගෙන විපින් ක්‍රීම් සහ Milkmaid දමා හොඳින් බීට් කරන්න. එය පයිපින් බෑග් එකකට දමා කටායෙෆ් පෑන්කේක් මැදට පුරවන්න. පෑන් කේක් එක උඩින් Mix nuts පව්ඩර් ඉසින්න.
-සීනි සිරප් එක සාදන පියවර-
පියවර 1
භාජනයක් ගෙන සීනි සහ වතුර එක් කර උකු සිරප් එකක් ලැබෙන තෙක් හොඳින් හැඳිගාන්න. එයට දොඩම් පෙත්ත එක් කර, පෑන් කේක් එක මතට වත් කරන්න.

නිර්දේශිත වට්ටෝරු