Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මයිලෝ බැවරිස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක් (වතුර වීදුරු 2ක දියකරන ලද)
  • බිත්තර 4ක් (වෙන්කරගත්)
  • MILO පවුඩර් 60g
  • ජෙලටින් 20g (රසකාරක නොමැති)
  • විප්ඩ් ක්‍රීම් 200ml (ගානිෂ් කිරීමට)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 248.9 kcal
  • කාබොහයිඩ්‍රේට් : 27.6 g
  • ප්‍රෝටීන් : 6.4 g
  • මේදය : 12.6 g

අපි ඒක හදමු

පියවර 1
සුදුපැහැ වනතුරු කහ මද හොඳින් ගසා ක්‍රීම් කරගන්න.ඝනකම පතුලක් සහිත පෑන් එකකට දමා MILKMAID මිශ්‍රණය උණු කරගන්න. MILO පවුඩර් හා බිත්තර කහ මද එයට එකතු කර හොඳින් ගසාගන්න
පියවර 2
නැවත මිශ්‍රණය මද ගින්නේ හැඳිගාමින් රත්කරගන්න. හොඳින් උකුවන තෙක් රත්කරගන්න. උතුරන තෙක් රත්වීමට ඉඩනොදී ලිපෙන් ඉවත් කරගන්න.
පියවර 3
උණු වතුර සුළු ප්‍රමාණයක ජෙලටින් දියවන්නට හරින්න. මිශ්‍රණයට දමා දියකර සීතවන්නට ඉඩහරින්න.
පියවර 4
ගසාගත් ක්‍රීම්, බිත්තර සුදු මද මිශ්‍රණයට සෙමින් දමාගන්න. තරමක් බටර් ගාගත් මෝල්ඩ් එකකට වත්කරගෙන ශීතකරණයේ තබාගන්න..
පියවර 5
පිඟානකට දමා විප්ඩ් ක්‍රීම් සහ ගාගත් චොක්ලට් කැබලි වලින් සරසා ගන්න.

පෝෂණ කරුණු

නීරෝගී, සමබර ආහාර වේලක තිබිය යුතු විටමින් හා ඛනිජ වර්ග බොහොමයක් බිත්තරවල අඩංගු වේ. බිත්තර විශිෂ්ට ප්‍රෝටීන් මූලාශ‍්‍රයක් ද වේ.

Sanduni

It was so creamy with the milkmaid in it. and combination of milkmaid and milo goes perfect.

Prasad

Heavenly..!

නිර්දේශිත වට්ටෝරු