අපි ඒක හදමු
කැරමල් සඳහා
සීනි සමඟ ජලය මිශ්‍ර කර පෑන් එකකට දමා කැරමල් සකසා ගන්න. කැරමල් මිශ්‍රණය පුඩිං මෝල්ඩ් එකට දමා සවි වන තෙක් නිවෙන්නට හරින්න.
පියවර 1
මිල්ක්මේඩ් සහ ජලය බෝල් එකකට දමා දියාරු පදමකට එන තෙක් හැඳි ගාන්න
පියවර 2
කොකෝවා පවුඩර් සහ වැනිලා එසන්ස්, මිල්ක්මේඩ් මිශ්‍රණයට එක් කර කොකෝවා පවුඩර් හොඳින් මිශ්‍රණයට කාවදින තෙක් මිශ්‍ර කරන්න
පියවර 3
වෙනත් බඳුනක් ගෙන බිත්තර මද ටික මෘදු පදමක් එන තෙක් බීට් කරන්න
පියවර 4
සෙසු අමුද්‍රව්‍ය සමඟ බිත්තර හොඳින් මිශ්‍ර වන තෙක් හැඳි ගාන්න
පියවර 5
මිල්ක්මේඩ් මිශ්‍රණයට එකතු කරන්න
පියවර 6
අවසන් වශයෙන් මිශ්‍රණය පුඩිං මෝල්ඩ් එකට වත් කරගන්න
පියවර 7
සාස්පානෙන් භාගයක් ජලය පුරවන්න, පුඩිං මෝල්ඩ් එක එයට දමා විනාඩි 25-30 අතර කාලයක් වාෂ්ප කර ගන්න. එය සිසිල් කර පැය 3 ක් ශීතකරණයේ තබන්න.