අපි ඒක හදමු          
        
                  
            
              පියවර 1
            
            
              ජෙලටින් වතුර කෝප්පයක පෙඟෙන්නට හැර එය උණු වතුර සහිත භාජනයක් මත තබා දියකරන්න. ඉතිරි වතුර ගෙන නටවා NESCAFÉ සමඟ දියකර සමාන කොටස් 2කට බෙදාගන්න.
            
           
                  
            
              පියවර 2
            
            
              එක් කොටසකට සීනි හා ජෙලටින් මිශ්‍රණයෙන් භාගයක් එක්කර දියකරන්න. මෙම කළු කෝපි ජෙලි මිශ්‍රණය පසෙකින් තබන්න.
            
           
                  
            
              පියවර 3
            
            
              අනෙක් කොටසට MILKMAID හා ඉතිරි ජෙලටින් එක්කර මිල්ක් කොෆි ජෙලි මිශ්‍රණය පසෙකින් තබන්න.
            
           
                  
            
              පියවර 4
            
            
              කුඩා බඳුනකට සකස් කරගත් බ්ලැක් කොෆි ජෙලි මිශ්‍රණයෙන් ½ක ලේයරයක් දමා සිසිල් වනතුරු ශීතකරණයේ තබන්න.
            
           
                  
            
              පියවර 5
            
            
              ඉන්පසු මිල්ක් කොෆි ජෙලි මිශ්‍රණයෙන් ½ක් එක් ලේයරයක් ලෙස දමා සිසිල් වනතුරු ශීතකරණයේ තබන්න.
            
           
                  
            
              පියවර 6
            
            
              එලෙසින් එකක් හැර එකක් සිටින සේ සම්පූර්ණ මිශ්‍රණ දෙකම බඳුනට දමා ශීතකරණයේ තබන්න.
            
           
                  
            
              පියවර 7
            
            
              ඉන්පසු එම භාජනයෙන් පුඩිම වෙන්කරගෙන කෑලිකපා පිළිගන්වන්න.