Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ස්ට්‍රයිප්ඩ් කෝපි පුඩිං

Rating

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ජෙලටින් මේස හැඳි 4ක්
  • වතුර කෝප්ප 4ක්
  • NESCAFÉ තේ හැඳි 5ක්
  • සීනි මේස හැඳි 4ක්
  • සැරසීමට විප්ඩ් ක්‍රීම් කෝප්ප 1ක්(අවශ්‍ය නම්)

අපි ඒක හදමු

පියවර 1
ජෙලටින් වතුර කෝප්පයක පෙඟෙන්නට හැර එය උණු වතුර සහිත භාජනයක් මත තබා දියකරන්න. ඉතිරි වතුර ගෙන නටවා NESCAFÉ සමඟ දියකර සමාන කොටස් 2කට බෙදාගන්න.
පියවර 2
එක් කොටසකට සීනි හා ජෙලටින් මිශ්‍රණයෙන් භාගයක් එක්කර දියකරන්න. මෙම කළු කෝපි ජෙලි මිශ්‍රණය පසෙකින් තබන්න.
පියවර 3
අනෙක් කොටසට MILKMAID හා ඉතිරි ජෙලටින් එක්කර මිල්ක් කොෆි ජෙලි මිශ්‍රණය පසෙකින් තබන්න.
පියවර 4
කුඩා බඳුනකට සකස් කරගත් බ්ලැක් කොෆි ජෙලි මිශ්‍රණයෙන් ½ක ලේයරයක් දමා සිසිල් වනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 5
ඉන්පසු මිල්ක් කොෆි ජෙලි මිශ්‍රණයෙන් ½ක් එක් ලේයරයක් ලෙස දමා සිසිල් වනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 6
එලෙසින් එකක් හැර එකක් සිටින සේ සම්පූර්ණ මිශ්‍රණ දෙකම බඳුනට දමා ශීතකරණයේ තබන්න.
පියවර 7
ඉන්පසු එම භාජනයෙන් පුඩිම වෙන්කරගෙන කෑලිකපා පිළිගන්වන්න.