Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

MILKMAID බනානා ෆිටස්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

10 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 390 ග්‍රෑම් ½ ටින්
  • ලෙලි ඉවත් කර දෙකට කපාගත් කෙසෙල් (උඩ සිට පහළට) 10
  • පාන්පිටි 200 ග්‍රෑම්
  • බිත්තර (යාන්තමට බීට් කරගත්) 1
  • කිරි මි:ලී 80
  • ලුණු ස්වල්පයක්
  • ගැඹුරු තෙලේ බැදීමට තෙල්
  • ඉසීමට අයිසින් ෂුගර්
  • ගෝල්ඩන් සිරප් / පැණි (උඩට වත් කිරීමට)

අපි ඒක හදමු

පියවර 1
පිටි හා ලූණු මිශ්‍ර කරන්න. පිටි වල මැදින් කුහරයක් සාදන්න.
පියවර 2
එයට MILKMAID, බිත්තරය,කිරි එක් කරන්න. දැන් මෘදුවට පෙණ නගිනතුරු බීට් කරන්න.
පියවර 3
සාමාන්‍ය බදින තාච්චියක තෙල් උණු කර ගන්න. වරකට එක් කෙසෙල් කැබැල්ලක් බැගින් බැටර් එකේ ගිල්වන්න. වැඩි බැටර් ප්‍රමාණය බේරීමට ඉඩ හරින්න.
පියවර 4
දැන් එය තෙලට දමා දෙපැත්තම මිනිත්තු 1 - 2 ක් හෝ රන්වන් පැහැ වනතුරු හා හොඳින් පිසෙන තුරු බැදගන්න. ලිපෙන් බා තෙල් උරා ගන්නා කඩදාසියකට දමන්න. එයට අයිසින් ෂුගර් ඉසින්න. අවශ්‍ය නම්, උඩට ගෝල්ඩන් සිරප්/ පැණි වත් කර පිළිගන්වන්න.