Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ෆෘට් ඇන්ඩ් නට් කේක්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සැකසීමට ගතවන කාලය

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • පිටි ග්‍රෑම් 200
  • බටර් ග්‍රෑම් 150
  • බේකින් පවුඩර් තේ හැදි භාගයයි
  • බේකින් සෝඩා තේ හැදි භාගයයි
  • අයිසිං සුගර් මේස හැදි 3
  • කෝන් පිටි මේස හැදි 1
  • වතුර මිලි ලීටර් 75
  • මිශ්‍ර ෆෘට් ඇන්ඩ් නට් ග්‍රෑම් 125

අපි ඒක හදමු

පියවර 1
අගල් 7ක පමණ විෂ්කම්භයෙන් යුත් කේක් කහඩුවක තෙල් ආලේප කර එය සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයකට අවන් එකක දමා රත්කරගන්න. එයට පිටි ස්වල්පයක් ඉස පසෙකින් තබන්න.
පියවර 2
මිශ්‍ර ෆෘට් ඇන්ඩ් නට් මත පිටි ස්වල්පයක් ඉස එයද පසෙකින් තබන්න
පියවර 3
වෙනත් භාජනයක් ගෙන බටර් සහ මිල්ක්මේඩ් දමා හොදින් බීට් කරගන්න
පියවර 4
පිටි, බේකින් පවුඩර්, සෝඩියම් බයි කාබනේට්, කෝන් පිටි, අයිසිං සුගර් එකට එක්කර හොදින් හලා ගන්න
පියවර 5
බටර් මිශ්‍රණයට වතුර සහ පිටි මිශ්‍රණය එකතු කර හොදින් මිශ්‍ර කරන්න. අවසානයේදී ෆෘට් ඇන්ඩ් නට් එක්කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 6
කේක් තහඩුවේ ප්‍රමාණයට එය වත්කර විනාඩි 30ක් 35ක් පමණ බේක් කරගන්න. කෑලි වලට කපා පිළිගන්වන්න