Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

වයිට් චොක් ඇන්ඩ් කැරමල් ෆජ්

Rating

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • හකුරු 220g
  • බටර් (කැබලි කර ගත්) 125g
  • දියර ග්ලූකෝස් 40ml
  • ගෝල්ඩන් සිරප් 30ml
  • වයිට් චොක් (කැබලි කර ගත්) 180g

අපි ඒක හදමු

පියවර 1
සෘජුකෝණාස‍්‍ර හැඩයෙන් යුත් තැටියක තෙල් ආලේප කර ඒ මත බේකින් කොළයක් එළන්න
පියවර 2
ගැඹුරු පතුලක් සහිත සාස්පානක් ගෙන MILKMAID, හකුරු, බටර්, ග්ලූකෝස් හා ගෝල්ඩන් සිරප් එක් කර මඳ ගින්නේ තබා හැඳි ගාන්න.
පියවර 3
මිශ‍්‍රණය ඝන වී අඳුරු දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 20ක් පමණ හැඳි ගාන්න. වයිට් චොක් එක් කර හැඳි ගාන්න.
පියවර 4
මිශ‍්‍රණය කල් තියා සූදානම් කර ගත් තැටියට වක්කරන්න. මිදෙන තෙක් පැය 2-4ක් ශීතකරණයේ තබන්න