Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

බිත්තර රහිත රටඉඳි කේක්

Rating

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සැකසීමට ගතවන කාලය

24

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කජු මේස හැඳි හතරක් (කැබලි කරගත්)
  • කිරි කෝප්ප 1 (150ml)
  • මුදවපු කිරි 200g
  • රටඉඳි 400g (කැබලි කරගත්)
  • බටර් 150g
  • පිටි 200g
  • බේකින් පවුඩර් තේ හැඳි 2ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1/2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 199.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 29.3 g
  • ප්‍රෝටීන් : 3.7 g
  • මේදය : 7.8 g

අපි ඒක හදමු

පියවර 1
කලින්ම උදුන 180°C උෂ්ණත්වයට රත්කරගන්න. අඟල් 4×6 කේක් ටින් එකක බටර් ටිකක් ගා පිටි ඉස පසෙක තබා ගන්න.
පියවර 2
බඳුනකට කිරි, මුදවපු කිරි සහ රටඉඳි මිශ්‍රකර පසෙකින් තබන්න. වෙනත් බඳුනකට බටර් සහ MILKMAID දමා ගසාගන්න. පිටි, බේකින් පවුඩර් සහ බේකින් සෝඩා එයට එකතුකරගන්න.
පියවර 3
මිශ‍්‍රණ දෙකම එකට එකතු කර හොඳින් ගසාගනිමින් වැනිලා එසන්ස් සහ කජු එක්කර ගන්න. බේකින් තැටියකට දමා මිනිත්තු 25 - 30 ක් පමණ බේක් කර ගන්න. පෙති කපා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

රටඉඳි ආහාරමය කෙඳි බහුල, ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතියට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක සපිරි පලතුරකි.