Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

බිත්තර රහිත බනානා කේක්

Rating

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

30 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කෙසෙල් ගෙඩි 5ක් (පොඩිකරගත්)
  • මුදවපු කිරි කෝප්ප 1ක්
  • බටර් 100g
  • පිටි කෝප්ප 4ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 2ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 386.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 56.9 g
  • ප්‍රෝටීන් : 9.3 g
  • මේදය : 21.0 g

අපි ඒක හදමු

පියවර 1
උඳුන 180°C උෂ්ණත්වයට රත් කර ගන්න. බටර් ගාගත් කේක් පෑන් එකට පිටි ඉස එය සූදානම් කරගන්න.
පියවර 2
කී‍්‍රම් ලෙස උකු වනතුරු බටර් හා MILKMAID හොඳින් බීට් කරගන්න. එයට මුදවපු කිරි ද එකතු කර තවත් හොඳින් ගසාගන්න.
පියවර 3
පිටි, බේකින් සෝඩා හා බේකින් පවුඩර් එකට දමා හොඳින් හලාගන්න. MILKMAID මිශ‍්‍රණයට පිටි දමාගන්න. එයට පොඩිකරගත් කෙසෙල් එකතු කර හොඳින් මිශ‍්‍ර කර එයට වැනිලා එසන්ස් ද එකතු කර තවත් හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 4
සාදාගත් මිශ්‍රණය කේක් පෑන් එකට දමාගෙන පෙර සූදානම් කළ උදුනට දමා මිනිත්තු 25-30ක් පමණ බේක් කරන්න. පිරිසිදු ටූත් පික් එකක් කේක් එක ඇතුළට ගසා එය එළියට ගත් විට කිසිවක් එහි නොඇලෙන පරිදි හොඳින් බේක් වී තිබිය යුතුය.
පියවර 5
මිනිත්තු 5ක් පමණ නිවාගෙන එය පෙති කපා දීසියක දමා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

කෙසෙල් කෙඳි බහුල, පොටෑසියම් සපිරි පලතුරකි.