Buy Now

බ්ලැක් ෆොරස්ට් කේක්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

50 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • බේකින් සෝඩා තේ හැඳි 1/2ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 1ක්
  • කොකෝවා පවුඩර් තේ හැඳි 2-3ක්
  • පිටි කෝප්ප 1¾ ක් (175g)
  • බටර් 100g
  • මිල්ක් චොක්ලට් 50g
  • වතුර කෝප්ප ¼ක්
  • විප්ඩ් කී‍්‍රම් 200g
  • චෙරි පොඩි ටින් 1ක්
  • අයිසින් සීනි තේ හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 287.7 kcal
  • කාබොහයිඩ්‍රේට් : 32.7 g
  • ප්‍රෝටීන් : 4.4 g
  • මේදය : 15.3 g

අපි ඒක හදමු

පියවර 1
විෂ්කම්භය අඟල් 8ක් වූ බේකින් බඳුනක් ගෙන එයට බටර් තවරා පිටි ඉසගන්න. පිසීමට පෙර 180℃ උෂ්ණත්වයකට උදුන සකස් කර ගන්න. පිටි, කොකෝවා පවුඩර් , බේකින් පවුඩර් සහ බේකින් සෝඩා පෙනේරයකින් හලාගෙන එකට මිශ්‍ර කරන්න.
පියවර 2
වෙනම බඳුනක් ගෙන, මෘදු වූ බටර් (උණු කර නොගත් ) හා MILKMAID දමා හොඳින් බීට් කර වැනිලා එසන්ස් ද ඊට එක් කරන්න.
පියවර 3
සාදාගත් පිටි මිශ්‍රණය සහ වතුර ටිකෙන් ටික MILKMAID බැටර් එකට එකතුකර හොඳින් හැඳි ගාන්න.
පියවර 4
දැන් සම්පූර්ණ මිශ්‍රණය බේකින් තැටියට දමා මිනිත්තු 45-50ක් පමණ බේක් කරන්න.හොඳින් බේක් වූ පසුව එය උඳුනෙන් ඉවතට ගෙන සිසිල් වීමට පසෙකින් තබා අවශ්‍ය නම් පිහියක් ආධාරයෙන් කේක් එක වටේ ඇති දාර බුරුල් කරන්න. සිසිල් වූ පසුව තිරස් අතට දෙකට කපන්න.
පියවර 5
චෙරිවල ඇට ඉවත් කර වෙනම තබන්න. ඉන්පසු චෙරි සිරප් වලින් කේක් භාග දෙක පොඟවන්න.
පියවර 6
තිරස් අතට කපාගත් කේක් කැබලි ලේයර් දෙක මැද්දට විප්‍ඩ් ක්‍රීම් හා චෙරි කැබලි තබන්න. ඉන්පසු කේක් ගෙඩිය උඩ විප්ඩ් ක්‍රීම් තවරා චෙරි හා ග්‍රේට් කළ චොක්ලට් කැබලිවලින් සරසාගන්න. ශිතකරණයේ තබා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

චෙරිවල ලෙඩරෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I do like the original Black Forest recipe

Hiruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best ?

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious to the core💖

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Beautiful

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Goood

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My fav and ever lov sooo yum delicios treat😋🥰😍❤

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woww......

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yammy

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

😋

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

❤

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Soo yammy

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sooo tasty

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sooo tasty

නිර්දේශිත වට්ටෝරු