Buy Now

මිල්ක්මේඩ් පාන් පුඩිම

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

40 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • කිරි කෝප්ප 2
  • පාන් පෙති 6
  • බිත්තර (හොඳින් බීට් කරගත්) 6
  • බටර් 35g
  • මුද්දරස්පලම් (අනිවාර්ය නැත) 50g
  • ‍කජු මද (අනිවාර්ය නැත) 20g
  • සීනි මේසහැඳි 3
  • ජලය මේසහැඳි 2

අපි ඒක හදමු

කැරමල් සඳහා
පියවර 1
සීනි මේසහැඳි 3 සහ ජලය මේසහැඳි 2 කුඩා ප්‍රමාණයේ බඳුනකට දමන්න
පියවර 2
සීනි උණු වී රන්වන් දුඹුරු පැහැයකට එන තෙක් රත්කරගන්න
පියවර 3
බේකිං තැටියේ බටර් තවරා කැරමල් මිශ්‍රණය ඒ මතට වත්කර සවි වෙන්නට හරින්න
පුඩිම සඳහා
පියවර 1
පාන් පෙතිවල බටර් තවරා එක පෙත්තක් කෑලි 4ක් වන සේ කපාගන්න
පියවර 2
මිල්ක්මේඩ්, බිත්තර සහ කිරි බඳුනකට දමා මිශ්‍ර කරගන්න
පියවර 3
කපාගත් පාන් පෙති බේකිං තැටිය මත ලේයරයක් සේ අතුරාගන්න (තැටිය 8x6 ප්‍රමාණය නම් වඩාත් සුදුසුය)
පියවර 4
මුද්දරස්පලම් ස්වල්පයක් යොදා මිල්ක්මේඩ් මිශ්‍රණය ලේයරයක් සේ ඒ මතට යොදන්න (මේසහැන්දක් ආධාරයෙන් ලේයර තුනී හා සමානව පැතිරෙන සේ සකසා ගත යුතුය) පාන් පෙති ලේයර් තබමින් මෙම පියවර දිගටම අනුගමනය කරන්න
පියවර 5
උඩම ලේයරය මතට ඉතිරි මිල්ක්මේඩ් යොදා එය රන්වන් දුඹුරු වර්ණයකට හැරෙන තෙක් 150°C උෂ්ණත්වයෙන් මිනිත්තු 40ක් පමණ බේක් කරගන්න.
පියවර 6
අවශ්‍ය නම් - කජුමද හෝ මුද්දරස්පලම් යොදා සරසා ගන්න
පියවර 7
සිසිල් වෙන්නට තබා පිළිගන්වන්න

Shashikani

Looks delicious

Piumi

good recipe

Hiruni

Look dely. Good recipe

Shashikani

Best recipe

oshadi

Nice

Shakira

it's very tasty

Shakira

it's very tasty

Shakira

it's very tasty

Nuha

Very tasty

Kumari

So delicious pudding 🥮

Miran charuka

Yummy ❤️

Rifna

Absolutely delicious 😋

Yvonne

So yummy

Chathura

Super taste pudding

Mariam

Yummy

නිර්දේශිත වට්ටෝරු