Buy Now

ස්ටිකි ටොෆි පුඩින්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • කේක් සදහා
  • රට ඉදි 10ක් 12ක්
  • වතුර මිලි ලීටර් 150
  • පිටි ග්‍රෑම් 150
  • බේකිං පවුඩර් තේ හැදි 1
  • බේකිං සෝඩා තේ හැදි කාලයි
  • බටර් ග්‍රෑම් 70
  • රතු සීනි ග්‍රෑම් 100
  • බිත්තර 1ක්
  • වැනිලා තේ හැදි 2
  • ටොෆි සදහා
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • බටර් ග්‍රෑම් 100
  • කෝන් සිරප් මිලි ලීටර් 80
  • වැනිලා තේ හැදි 2
  • ලුණු තේ හැදි කාලයි
  • කිරි මිලි ලීටර් 75

අපි ඒක හදමු

පියවර 1
මිල්ක්මේඩ් ග්‍රෑම් 390 ටින් එක ගෙන විවෘත නොකර එහි ලේබලය ඉවත් කරන්න. පෑන් එක මත අත් පිස්නාවක් තබා එහි පසෙකින් මිල්ක්මේඩ් ටින් එක තබන්න. ටින් එක වැසෙන සේ පෑන් එකට වතුර පුරවන්න.
පියවර 2
වතුර පැසෙන තුරු තබා පසුව පැය 2ක් 3ක් නිවෙන්නට හරින්න
පියවර 3
මිල්ක්මේඩ් ටින් එක ප්‍රවේශමෙන් ඉවතට ගන්න. විවෘත කිරීමට පෙර පැය කිහිපයක් සම්පූර්ණයෙන් නිවෙන්නට හරින්න.
පියවර 4
මිල්ක්මේඩ් පෑන් එකට දමා ඊට බටර්, කිරි, කෝන් සිරප් සහ වැනිලා එකතු කර මෙලෙක් වන තුරු ගසාගන්න.
පියවර 5
අවශ්‍ය ප්‍රමාණයට ලූණු ස්වල්පයක් එකතු කරන්න
පියවර 6
කැබලි කඩාගත් රටඉදි මෙලෙක් වනන තුරු තම්බා ගන්න
පියවර 7
බටර් සහ සීනි භාජනයකට දමා හොදින් එක් වී මෙලෙක් වනතුරු බීට් කරන්න. පසුව බිත්තර එකතු කර සියල්ල මිශ්‍ර වන තුරු නැවත බීට් කරන්න
පියවර 8
පිටි,බේකිං පවුඩර් සහ බේකින් සෝඩා එකට එක්කර පිටි හොදින් එක් වන තුරු මිශ්‍ර කරන්න.
පියවර 9
ඊට රට ඉදි එක්කර ඒවා බටර් සමග හොදින් එක් වන තුරු වේගයෙන් මිශ්‍ර කරන්න. අවසාන වශයෙන් වැනිලා එක්කර එක් එක් අච්චුවලට දමා අංශක 180 උෂ්ණත්වයක් යටතේ මිනිත්තු 30ක් පමණ බේක් කරන්න

Omalka

Sweet & Delicious

Rifna

Best 💯

Rifna

Best 💯

Shafnas

Candied treat delicious😋😋❤😍

Waruni

Yummy

Waruni

Tasty

Waruni

Tasty

Waruni

Woow

Shalani

This is one of mom's favorite recipes

Apsara

Best Recipe my choice

Jeevanee

Great taste

Jeevanee

Great taste

Apsara

රසයි මිල්ක්‌මේඩ් වලින් හොද රෙසිපි එකක්

Apsara

රසයි මිල්ක්‌මේඩ් වලින් හොද රෙසිපි එකක්

Jeevanee

So delicious

නිර්දේශිත වට්ටෝරු