අපි ඒක හදමු
පියවර 1
සීනි සහ ජලය සෝස්පෑන් එකකට දමා මද ගින්නේ රත්කර සිරප් එක සකස් කරගන්න
පියවර 2
රුලං පිටි ටිකෙන් ටික එකතු කරමින් මිනිත්තු 8-10ක් පමණ පිසගන්න. පොල්, රෝස වතුර සහ කරදමුංගු කුඩු ද එකතු කරන්න
පියවර 3
මිශ්රණයට වර්ණක එක්කර හොඳින් මිශ්ර කර මිනිත්තු 8ක් පමණ දිගටම පිසගන්න. නැතිනම් මිශ්රණය පෑන් එකෙන් ගැලවෙන තෙක් පිසගන්න
පියවර 4
මිල්ක්මේඩ් එකතු කර මිශ්ර කරන්න
පියවර 5
බටර් තවරාගත් බඳුනකට මිශ්රණය සුමට හා පැතලිව වත්කර ගන්න
පියවර 6
කැබලිවලට කපා සිසිල් වෙන්නට හරින්න
පෝෂණ කරුණු
රුලං යනු ඉහළ තන්තුමය ගුණයක් අඩංගු ආහාරයක් වන බැවින් ආහාර ජීරණ ක්රියාවලිය පහසු කිරීමට ඉවහල් වේ