Buy Now

චොක්ලට් ඕට් බාර්ස්

Rating
timer icon

60 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

32

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • දුඹුරු සීනී 440g
  • උණුකරගත් බටර් 250g
  • තරමක් ගසාගත් බිත්තර 2ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්
  • පිටි 300g
  • බේකින් පවුඩර් තේ හැඳි 3 ½ක්
  • ලුණු තේ හැඳි ½ක්
  • ඕට්ස් 270g
  • බටර් (අමතරව) 30g
  • පිසින ඩාක් චොක්ලට් 300g
  • කජු (කපාගත්) 110g
  • වැනිලා එසන්ස් තේ හැඳි 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 297.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 38.0 g
  • ප්‍රෝටීන් : 4.7 g
  • මේදය : 14.2 g

අපි ඒක හදමු

පියවර 1
බඳුනකට සීනි, බටර්, බිත්තර හා වැනිලා දමා මිශ්‍ර කරගන්න. හලාගත් පිටි, බේකින් පවුඩර්, ලුණු හා ඕට්ස් සමඟින් හැඳි ගාගෙන හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 2
මිශ්‍රණය දෙකට වෙන් කරගෙන බටර් ගාගත් පෑන් දෙකකට දමා ගන්න.
පියවර 3
පිසින චාක් චොක්ලට්, MILKMAID හා අමතර බටර් සාස්පානකට දමා මිශ්‍ර කරගන්න. මද ගින්නේ හැඳි ගාමින් චොක්ලට් උණු කරගන්න. අනතුරුව ලිපෙන් ඉවත් කරගෙන කජු සහ අමතර වැනිලා එසන්ස් සමඟ මිශ්‍ර කරගන්න.
පියවර 4
චොක්ලට් මිශ්‍රණය සමාන ලෙස බේස්එක මත අතුරාගන්න. මිනිත්තු 30ක් පමණ බේක් කරගන්න. කොටස් කපාගෙන පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ආහාරමය කෙඳි සපිරි ආහාරයක් වන ඕට් කොලෙස්ටරෝල් මට්ටම පහත හෙළීමට උපකාර වේ. එය මැග්නීසියම් හා සින්ක් වැනි ඛනිජ වර්ග සපිරි ආහාරයක් ද වේ.

Rifna

Just one word: YUM! 😋❤️

Pabasara

❤✔

නිර්දේශිත වට්ටෝරු